හතළිස් දෙවන මන්දාරම 🍁

1.2K 251 122
                                    

__________________________________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


__________________________________________________________________

Mihika's Pov ~

ඉතිම් කොහොමද ඒයිම්ලා .. ආරංචි වුනානෙ ඕතරී මේ ලමයව කපලා දාලා අපේ එක්කෙනාට අවස්ථාව දුන්නාය කියලා .. ඔයැයිලත් අපේ එක්කෙනාට කැමති වෙලානෙ මාව අමතක කරලා .. සුට්ටිත්තක් දුක හිතුනා ඉතිම් මේ ලමයට ඒ නිසා ..
ඒ මදිවට මේ දුක හිතිල ඉන්න ලමයට අර බ්‍රිගේඩියර් බස්සා එදා උදේ පාන්දරින්ම රැව්වා පිච්චිලා අලු වෙලාම යන්න කියල .. හරි වේදනායි මට .. ම්හුක් ..!

දැන් මේ මං ඉන්නෙ අපේ කාමරේ ඇද උඩට වෙලා .. මං ලගින්ම මීණුත් නිදාගෙන හිටියා .. ඒ වුනාට එයා අද නෑ ඒයිලා .. අද විසි දෙවෙනිදනෙ .. ඉතිම් එයා අද කෑම්ප් එකට ගියානෙ .. සුට්ටිත්තක් පාලුයිත් වගේ මේ ලමයට .. දවස් ගාණක් එකට ගෙදර ඉදලා එයා කෑම්ප් යද්දි මටත් පාලුයි .. මීණුට ගොඩක්ම පාලුයි .. අදත් එයා යන්න ලෑස්ති වෙද්දි පුතා එයාට යන්න එපා කිය කිය අඩන්න පටන් ගත්තෙ අප්පච්චි ගියාම පාලුයි කියලා ..

පව් පොඩ්ඩා .. දැන් මේ නිදාගෙන ඉන්නෙ පැය ගාණක් එක දිගට අඩලා .. හවස තුනට වගේ යන්න ලෑස්ති වුන අයියා යනකන්ම අඩලා එයා ගියාට පස්සෙත් අඩපු මීණුව මං නලව ගත්තෙ හරි අමාරුවෙන් .. දැන් මේ අඩල අඩල මහන්සියට කන්නෙත් නැතුවම නිදි ..
තව ටික වෙලාවක් මෙහෙම නිදාගන්න දීලා ඇහැරවල ඇග සෝදවල රෑට කෑම කවන්න ඕන .. බඩගින්නෙ නිදාගන්න දෙන්න බෑ ..

අඩලා අඩලම කම්මුල් නහය ලාවට රතුත් වෙලා මගේ හුරතලේගෙ ..
නිදාගෙන ඉන්න මීණුගෙ සිනිදු කෙස් අතරෙ හිමින් සීරුවේ මගෙ දිගු ඇඟිලි එහා මෙහා ගෙනියන ගමන්ම මං කල්පනා කරේ හවස එයාට යන්න දෙන්නෙ නැතුව එයාගෙ ඇගේ එල්ලිලා මීණු අඩපු විදිය ගැන .. මීණු ඒ තරම් අඩනවා මං ඒ දැක්කමයි .. අයියා වුනත් හරි අමාරුවෙන්  හිත හදාගෙන කෑම්ප් එකට යන්න පිටත් වුනේ .. එයාගෙ ඇස් වලින්ම මට ඒක තේරුනා ..

මන්දාරම් අහස යට || TK Nonfic ♡Where stories live. Discover now