දෙවන මන්දාරම 🍁

1.1K 193 18
                                    

_________________________________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

_________________________________________________________________

" අපෙ මැණිකෙ .. ඔයාගෙ සූටි පුතා ගෙදර ආවෝ .. !"

පැය කිහිපයක ගමනක අවසානයෙ මායි අප්පච්චියි අපෙ පුංචි නිවහනට ගොඩ වෙද්දි රාත්‍රි 10 පහු වෙලා තිබුනා .. පුංචි නිවහනට කිව්වට ඉතින් පුංචිමත් නෑ හොදේ .. අප්පච්චි කා' එක නවත්තනවත් එක්කම පිටිපස්සෙ ශීට් එක උඩ තිබුන මගෙ බෑග් එකත් අරගත්ත මං ගෙට දුවගෙන ගියෙ අපෙ මැණිකෙව දකින්නන් ආසාවෙන් .. වෙනද විදියටම ඉතින් කෑ ගහගෙන ගේ ඇතුලට දිව්ව හරියට අවුරුදු පහක පොඩි කොල්ලෙක් වගේ ..

" අපෙ මැණිකෙ ..! සුදු අම්මි ඔයා කොහෙද අනේ ..!"

ම්හු.. අපෙ මැණිකෙගෙන් කිසි සද්ධයක් නෑ අෆ්ෆා .. ඒ නිසාම මං ආයෙම පාරක් කෑ ගැහුවා .. හරි හොද නෑ අෆ්ෆා අපෙ සුදු මැණිකෙත් .. එයාගෙ සූටි පුතා කාලෙකින් ගෙදර ආවාම අඩුම තරමින් දොර ලගටවත් එන්න ඕනි නේද පිලිගන්න ..

" ආපෝ .. ආවද තමුසෙ දැන් ඉතින් කණක් ඇහිල ඉදල හමාරයි .."

අපෙ මැණිකෙ එනකන් බලාගෙන හිටිය මට ඇහුනෙ හුරු පුරුදු හඩක් .. හාපෝ මේ යකත් මෙහෙ .. කව්ද කියල බැලුවද .. බැලුවට වැඩක් නෑ අනේ පේන් නෑනෙ..

ඒ අපේ ආකාශ් තීක්ෂණ දසනායක කොලුවා .. කාගේ කව්ද කින්ද මන්ද කියල කිව්වොත් අපෙ අප්පච්චි ගෙ අයියගෙ , ඒ කියන්නෙ මගෙ ලොකු අප්පච්චි ගෙ එකම පුත්‍ර රත්නය .. මගෙ අයියණ්ඩියා .. අපෙ මැණිකෙගෙයි අප්පච්චි ගෙයි ලොකූ .. මතක ඇති නේ අපෙ අප්පච්චි මට " චූටි " කියල කතා කරා .. ඒ මෙන්න මෙයා නිසා තමයි ..

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
මන්දාරම් අහස යට || TK Nonfic ♡Where stories live. Discover now