තිස් පස්වන මන්දාරම 🍁 Bonus

1.3K 208 140
                                    

_________________________________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

_________________________________________________________________


" ආහ්..!"

" ඔය.. මිහික බලාගෙන ..!"

අවුරුදු උත්සවේ දවසට සරම ගලවගන් නැතුව පරිස්සම් කර ගන්න ක්‍රමයක් කල්පනා කර කර ඉස්සරහට ඇවිදගෙන ගිය මට තව පොඩ්ඩෙන් වෙන්නෙ අලුත් අවුරුද්දට මූණකුත් නැතුව අන්ඩක් කඩාගෙන පැත්තකට වෙලා ඉන්න ..

ගත්ත ඇඳුම් වලට බිල් එක දාගන්න අපි තුන්දෙනා එක්ක කැෂියර් එකට එන ගමන් ඉද්දි නොහිතපු විදියට එක මනුස්සයෙක් ඇවිත් මගෙ ඇගේ හැප්පෙද්දි සරමක් ගැන කල්පනාවක හිටිය මාව පැත්තකට විසි වෙලා ගිහින් වැටෙන්න ගියත් ඊලග තත්තපරේම මගෙ ඉණ වටේට එතුන ශක්තිමත් අතක් නිසා මට බිමට වැටෙන්න නොදී බේරුනා ..

මාව අල්ලගෙන ඉන්නෙ කව්ද බැලුවද .. වෙන කව්ද අනේ මගේ බ්‍රිගේඩියර් හබී තමයි මාව වැටෙන්න නොදී එක අතකින් හරි මාව අල්ලගෙන හිටියෙ .. එයාගෙ එක අතක් මගෙ ඉණ වටේ එතෙද්දි අනික් අතින් එයා මීණුව වඩාගෙන හිටියා වගේම මගෙ එක අතකුත් එයාගෙ බෙල්ල වටේට එතිල තිබුනා ..

" ප්‍රශ්නයක් නෑනේ .."

එයාගෙ අත මගෙ ඉණ මත තියෙද්දි ඒ කලබල වුන තද කලු ඇස් දිහා බලාගෙන හිටිය මගෙන් එයා අහද්දි මං නෑ කියන්න ඔලුව දෙපැත්තට වැනුවෙ ඇහි පිල්ලමක්වත් නොගහා ඒ ඇස් දිහාම බලාගෙන .. වෙනදට හරිම සන්සුන් එයාගෙ ඇස් මේ මොහොතේ හරි කලබලයි .. ඒත් ඇයි ඒ..?!

" අයිම් සොරි මිස්ටර් .."

ඒ තද කලු ඇස් අස්සෙ නැවතිලා තිබුන මගෙ ඇස් ඒ බැඳීම කඩලා දැම්මෙ මගේ ඇගේ හැප්පුන මනුස්සය අපෙන් සමාව ඉල්ලනවා ඇහෙද්දි ..

" පොඩ්ඩක් වටපිටාව ගැන අවධානෙන් යන්න මිස්ටර් .."

මෙචචර වෙලාම එයාගෙ බෙල්ලෙ එල්ලිලා හිටිය මාව කෙලින් කරන ගමන් එයා අර මනුස්සයට කිව්වා .. මේ අවුරුදු සීසන් එක නිසාම හැමතැනම වගේ මිනිස්සු පිරිලා .. ඉතින් පොඩි පොඩි වැරදීම් සිද්ධ වෙනවා .. 

මන්දාරම් අහස යට || TK Nonfic ♡Where stories live. Discover now