" ඩඩා... "
" ම්ම් පුතා.. "
" ඩඩා.. මං ඇත්තටම මමාව දැක්කා... "
සෙහස්නගේ දෙනෙත් යොමුව තිබුණේ පියාගේ කාමරයේ රාක්කයක් මත වූ මවගේ කුඩා රාමු කළ සේයාරුව වෙත ය.
" ......... "
" ඩඩා... "
" මමා ජීවතුන් අතර නෑ මගෙ පුතේ.. "
" ඔය රෙඩ් ඩ්‍රෙස් එක.. එයාගෙ වින්ඩෝ එකට හේත්තු වෙලා මමා ඒ ෆොටෝ එක අරන් තිබ්බෙ... ඒ වින්ඩෝ එකෙන් පේන විව් එක මං මගෙ ඇස් දෙනෙක්ම දැක්කා ඩඩා.. පොල් ගස් අස්සෙන් පේන වැව... මං ඇස් දෙකෙන් දැක්කා... ඒ ව්තරක් නෙවෙයි මං අතින් ඇල්ලුවා... එයාගෙ රෙඩ් ඩ්‍රෙස් එක මං අත්වලින්ම ඇල්ලුවා.. "
ඔහු සිටියේ රෝස්මේරි උපන් ගම්මානයේ බව මේ වන විටත් දැන සිටි පියා ඔහු විශ්වාස කළේය.. ඔහු කිසිත් නොකීවේය. මතක හිත පාරවයි.. දරුවාගේ හිත ත්.. ඔහුගේ හිතත් පාරවන අතීතය වෙත වාග් මාවත් දිගේ ගමන් කරන්නට ඔහු මැලිකමක් දැක්වූවේ ය..
" නවත්තගනිං... මං උබෙ අයියා බල්ලො...! " අසිපත්ගේ හඩ මේ දැනුදු කන් තුල දෝංකාර දෙනවා මෙන් ඇසෙන තරමට එදා ඔහු බියපත් විය..
එදා ඔහු උදෑසන අවදි වන විට ම යටිකයෙහි වෙදනාබර බවත්.. දෙපා අතර ලිස්සනසුලු ඝන තෙතමනයත් දැනුණෙන් ඔහු වෙව්ලා ගියේය..
සයනය මත ඔහු අසලින් නිදා උන් ඒශ්වර්ට හොරා ඔහු සයනයෙන් බැස්සේ ය..බිම පැදුරක අම්මා නිදා සිටියාය. මුලුතැන්ගෙයි අත්තම්මා ය. ඉස්තෝප්පුවේ බූරු ඇදක සීයා නිදා සිටි බව ඔහු දනී..
ඔහු කලිසම සමග යට ඇදුම උනා දැමුවේ ඝන අදුරේ ම සිය රෙදි ඇසිරූ බේසම තුල අත එහෙ මෙහෙ ගෙන යමිනි.. අතට හසු වූ කලිසමක්.. සහ යට ඇදුමක් ලැබුණ ද ඔහුට සනීපාරක්ෂක තුවා සොයාගත නොහැකි බව සිහිවන විට ඔහු වෙව්ලුවේ ය.
ESTÀS LLEGINT
සියපතක රොන්සුණු ( Completed | BL | Non FF | Sci-Fi )
Ciència Ficcióමේක චැලේන්ජ් එකක්... ඉවසීමක් තියෙන කෙනෙකුට විතරක් ම රසවිඳින්න පුළුවන් වෙයි කියල හිතනවා මම.. ඉවසීමක් නැත්තම් අත නොතියන තරමට හොද පොතක් 🤍 Science fiction / Romance ************* " .............. ඉතින් සත්තුන්ගෙ පඩි හැලෙන එකට මං මක්කරන්නද? " " උ...