" උබෙ මල්ලිද? "
" මගෙම නෙවෙයි.. මගෙම වගේ නං තමා.. "
" මං උබට දෙයක් පෙන්නන්නද? "
අසිපත් සයනය මත දුරකථනය සොයමින් සිටියේය. නෙලුම් එය ඇද ඇතිරිලි අතර දමා තිබෙනවා පෙර දුටු බවට මතකයක් තිබුණත් දැන් එහි සලකුනකුදු පෙනෙන මානයක නැතියෙන් ඔහු ආතතියෙන් සිටියේය.
" නෙලුම්!! ඇවිත් මේ ෆෝන් එක හොයලා දෙනවා දැම්ම තැනකිං මට පරක්කු වෙනවා බූරුවො!!! "
" පොඩි එකා ගෙදර ගියා නේද? මචං මේක අහපංකො.- "
" ගියා?..! අම්මපා අද මම- " ආවේගයෙන් සපත්තු පලදින මිතුරාට පෙන්වන අදහසින් දුරකථන තිරය මත යමක් සොයන අතර සාරංග සිය හඩ අවදි කළේ ය.
" කොල්ලා කැමති වෙයිද මචං ශෝට් මූවි එකේ ඇක්ට් කරන්න? මං දැන් මිදුලට යද්දි කොල්ලව හරියට දැක්කෙ.. ඒ මූණ මගෙ මූවි එක ජාත්‍යන්තරේට ගෙනියන එකේ දෙකක් නෑ. ශිට් මට මුගෙ.. නම මතක නෑනෙ. අවුරුදු දෙක තුනකට කලින් වයිරල් ගිය- "
" හුත්තක් කතා කරන්න එපා බං. දැන් මං හා කිව්වනෙ. ඌ ඕවට යවන්න උගෙ ගෙදරින් කැමති නෑ "
" කැමතිද නැද්ද දැනගන්න අහල ඉන්නෙපෑ හුත්තෝ..! මේ මූණ මට ඕනා මේකට. උබ.. හොද එකා වගේ ශේප්මන්ට් එකක් දාල කොල්ලව මෙහෙමම වාහනේට දාල ගමුකො මචෝ.. ප්ලීස් බල්ලො උබ මගේකා.. "
" උබට කන්න වෙන්නෙ අත්තගෙ හැරම්ටි පාර.! ඌ මේ ගමට වෙලා ඉදන් නටවන නාඩගම් ටික හොදටම ඇති බං. ඌ ඔහෙ ඉදපුදෙන්. ඌ නං කොහොමත් දෙන්න බෑ. පිස්සු කෙලින්න එපා. ඇරත් අර ත්‍රිශාල් දැන් මේන් ලීඩ් එකට අරන් ඉවරනෙ. දැන් ඌ හලන්නද?! "
" ඌ හලමු.. ඌ මුගෙ ලගින්වත් තියන්න පුළුවන්ද හුත්තො? අඩෝ බලු වැඩ නොකර කොල්ලව ගමු.. මූවී එක හිට් එකක් වෙන එක වෙනවා මේ මූණ ඔබාගත්තොත් ඒකට. "
" මගුල් කතා කතා කරන්නෙපා හුත්තො.. ඌ නං දෙන්නෑ තරහ වෙන්න එපා. " සාරංගට තව කිසිත් පවසන්නට ඉඩ නොතබා අසිපත් පාවහන් පැළද අවසන් විය. ඔහු ගෙයින් මිදුලට බැස්සේ පපුව උතුරන කෝපයෙනි.