Episode 04

26 6 0
                                    

විටින් විට ගෞරව් දෙසට හැරවෙන තම අකීකරු දෙනෙත්වලටම තම සිතින් බැන ගනිමින් සමාධි ජනේලයෙන් පිටත බලාගෙනම සිටියා. නමුත් තවත් මොහොතක් ගත වන්නට මත්තෙන් ඇයගේ උරහිසට දැනුනේ පොල් පැටෙව්වාක් මෙන් බරක් දැනුනෙන් සමාධි අනෙක් පසට හැරෙන්නට හැදුවත් එය අපහසු විය.

තම ඇඟටම බර ව නිදාගෙන සිටින ගෞරව් නිසා ඇයට දැනුනේ අපහසුවකි. නමුත් ඔහු නම් සැපසේ නිදා උන්නේ තම දෙතොල් මත ඇදුනු සිනාවක් ද සමඟිනි.

"මෙච්චර සද්ද බද්ද අස්සේ මේ මනුස්සයා කොහොම නිදාගන්නවද මං දන්නෑනේ..." සමාධි තමාටම මුමුණා ගනිමින් එසේ සිතුවේ ඔහුට රවමිනි. නමුත් දෛවයක තරම! ගෞරව් හට සිහිනයකින්වත් ඇයගේ ඒ රැවුම නම් නොපෙනුනි.

"අක්කම් පක්කම් යාරුම් ඉල්ලා
භූ ලෝගම් වේන්ඩුම්"
| අහල පහල කවුරුත් නැති ලෝකයක් ඕනේ |

"අන්දි පගල් උන්නාරුගේ
නාන් වාළ වේන්ඩුම්"
| රෑ දවල් ඔයා එක්ක මට ජීවත්වෙන්න ඕනේ |

"එන් ආසෙයි එල්ලාම්
උන් ඉරුක්කතිලේ"
| මගේ හැම ආසාවම ඔයාගේ තුරුළේ ඉන්න |

"එන් ආයුල් වරෙයි
උන් අනෙයිපිනිලේ"
| මම ප්‍රාර්ථනා කරනවා මගේ මුළු ජීවිතේම ඔයාගේ අත්වල ඉන්න |

"වේරෙන්න වේන්ඩුම්
උලගතිලේ"
| වෙන මොනාද මට ඕනේ මේ ලෝකෙ? |

"ඉන්ද ඉන්බම් පෝදුම් නෙන්ජිනිලේ"
| හදවතේ තියෙන මේ මතකයන් ඇති |

"එළේළු ජෙන්මම් වාළ්න්දු විට්ටේන්"
| ඒ සතුට ආත්ම හතකට ඇති |

පසුබිමින් ගී හඩ ඇසෙද්දී සමාධි නිකමට මෙන් ඇස් කරකවා බැලුවේ තම සහෝදර සිසු සිසුවියන් දෙසයි. ගීයෙහි අර්ථය යාන්තමට වැටහුනත් සමඟම එය ගායනා කරන ලද සරාඟී තාලය නිසාම එය ඇයගේ අවධානයට නතු වූවා.

ඇය සිතුවා නිවැරදිය. ගීය ගැයෙන්නේ තමා සහ ගෞරව් වෙනුවෙනි.

"ගවී..." ගෞරව්ගේ වැලමිටකට තම නියපොතු වලින් අනිමින් සමාධි තම දසන් තද කරගෙන ඔහුව ඇමතුවේ අනෙක් අයට නොඇසෙන ලෙසිනි. නමුත් ඇයගේ දැගලිල්ලත් එක්කම නින්දෙන්ම ඇයගේ පස හැරුණු ගෞරව් සමාධිගේ බද වටා අතක් යවා ඇයව තුරුළු කරගත්තේ,  සමාධිගේ දෙනෙත් විසල් වූයේ ගැලවී වැටෙන්න ට මෙනි.

शायद (ශායද්) | [COMPLETED]Where stories live. Discover now