Intro

18 0 0
                                    

शायद.., तुम मेरे हो या... नहीं?
shaayad..., tum mere ho ya... nahin? Maybe..., you're mine... or not?
සමහර විට..., ඔයා මගේ... නැත්නම්....?

.

.

.

ජීවිතය කියලා කියන්නේ හරිම අමුතුම යාත්‍රාවක්. මේ යාත්‍රාවේ අපි හැමෝම ගමන් කරන්නේ හරි පාරේ කියලයි අපි හිතන්නේ. අපි හැමොගෙම අතින් කිසිම වැරැද්දක් වෙලා නැහැ කියලයි අපි හිතන්නේ. ඒ වුණාට ඇත්තටම... අපි අතින් එහෙම වැරදි වෙලා නැද්ද?

හොඳට කල්පනා කරලා බලන්න.

දැන හෝ නොදැන අපි අතින් වැරදි වෙලා ඇති,
දැන හෝ නොදැන අපි තවත් කෙනෙක්ගේ කතාවක නපුරෙක්/නපුරියක් වෙලා ඇති.

ඉතිං,
ඒකෙ තේරුම අපි හැමදාම නපුරෙක්/නපුරියක්මයි කියන එකද?

නැහැ නේද?

අපි ඒ වැරදිවලට දුක්වෙනවා නම්, පසුතැවිලි වෙනවා නම්... අපිට තව අවස්ථාවක් ලැබෙන්නම ඕනේ...

ඉතිං මේ කතාව ඔයා වෙනුවෙන්.

කවදාමහරි දැන හෝ  නොදැන තව කෙනෙක්ට නපුරක් කරපු ඔයාටත් පුළුවන් හිනාවෙන්න.

තව කෙනෙක්ගේ ජීවිතේ නපුරෙක්/නපුරියක් වුණ ඔයාටත් පුළුවන් දවසක ඔයාගෙම කතාවක ප්‍රධාන චරිතය වෙන්න.

ඉතිං शायद (ශායද්) ලියවෙන්නේ ඒ ඔයා වෙනුවෙන්මයි.

ඔයාටත් පුංචිම පුංචි බලාපොරොත්තුවක්...

සමහරවිට...,
ඔයාටත් පුළුවන් වෙයි ලස්සන කතාවක ප්‍රධාන චරිතය වෙන්න.

शायद (ශායද්) | [COMPLETED]Tahanan ng mga kuwento. Tumuklas ngayon