" වතුකරේ කීවෙ? "

" ඔය නුවරඑළිය පැත්තෙ එහෙම තේ වතු තියෙන්නෙ.. ඒවගෙ තේ දලු නෙලන දුප්පත් දෙමළ අය ඉන්නෙවගේ පොඩි ගෙවල්වල.. ඒවට තමා ලැයිම් කියන්නෙ.. "

" මං කවදාවත් නුවරඑළිය ගිහින් නෑ.. "

" චූටි ලොකු උනාම අයියා එක්ක යන්නංකො.. අත්තා තනියෙන් යවන්නෑනෙ. අත්තයි කිරිඅම්මයි එක්ක එහෙ යන්න බෑ.. එහෙ සීතලයි. "

" වෙන රටවල් වල වගේ හිමත් වැටෙනවලු නේද.. "

" වැටෙනවා හිම... වෙන රටවල් ගැන දන්නවා මෙරට ගැන දන්නෑ.. "

" භූගෝලය ටීච කිව්වෙ.. මං ගිහින් තියෙනවැයි.. "

" ටීචලා කියන ඒව අහගෙනත් ඉන්නවද.. අන්න එහෙම හොදට ඉගෙනගත්තොත්... චූටිටත් පුළුවන් කැමති රටකට යන්න. "

" මට රටකට යන්න ඕන්නැති හින්දා.. ඉගෙනගන්න ඕන්නෑ. "

සියපතක රොන්සුණු ( Completed | BL | Non FF | Sci-Fi )Where stories live. Discover now