- 63 -

461 66 12
                                    



~~~~~~~~~~~~

' පාන නිව්ව සේ පාලුයි ලැයිම් කාමරේ..
මන්ද නුබ ගියේ.. කියපන්, පුංචි සාවියේ... '

" ලොකු අයියෙ.. "

" ම්ම්... " නෙලුම් ජනෙල් පඩියට හිස තබාන කල්පනා ලෝකයක සිටි බව සපත්තු පොලිශ් කරන අසිපත්ගේ නෙත ගැටුණඔහු කිසිත් නොකීවේ ය. ඇස් ඈත රැල්ල නගන වැව් දිය කඳ මතම තබාන නෙලුම් අසිපත්ගේ දුරකථනයෙන් නික්මෙන ගීතයට සවන් දුන්නේය.

" ලයිට් කාමරේ ඇයි පහන් පත්තු කරන්නෙ..? "

ගිලිමින් සිටි කෙල අසිපත්ගේ ඉස්මොලේ උඩුදිව්වේ ය. උස් හඩින් එන සිනහව වාවාගෙන ඔහු කැස්ස හා මොහොතක් පොරබැදුවේය.

" ලයිට් නෙවෙයි බං.. ලැයිම් කාමරේ.. "

" ඒ මොකද්ද ඒ.. " නෙලුම් නැගිට හිදගත්තේ උනන්දුවෙනි.

" මැනික.... " අදිමින් පැවසූ අසිපත් සපත්තු කුට්ටම බිම තැබුවේ අත ලේන්සුවකින් පිස දමමිනි. " දැන් අපේ ගම්වල තියෙන පැල් වගේ.. වතුකරේ තියෙන්නෙ පොඩි ගෙවල්.. ඒවට තමා ලැයිම කියන්නෙ.. "

සියපතක රොන්සුණු | LAB RAT_ | COMPLETE Where stories live. Discover now