"මහත්තයා...මල්....ලස්සනට හදලා තියෙනවා මහත්තයා.......එන්න ගන්න......රුපියල් දෙසිය තිහට දෙනවා නෙළුම් මල් පහම....වෙන තැන් වල දෙසිය පනහයි.මගෙ ලග දෙසීය තිහයි..... නෝනා.... මහත්තයා.... එන්න.... මේ මල් ගන්න"
නුවර අහසෙ පෑයුව ඉර අද හරියට රළු වෙලා තියෙද්දි නුවර පිහගෙන හමන් ගිය හුලගත් ටිකක් රස්නෙ එකක් උනා.අදත් ඔහුමයි.නුවර දලදා මාලිගාව ලග තියෙන හරස් පාරට වෙන්න තියෙන මල් කඩ පෝලිමේ කොනටම වගේ වෙන්න අටවගත්තු පුංචි කඩ කෑල්ල ඉස්සරහ පිට ඉන්න පුංචි කොල්ලා අදත් තමන්ට පුළුවන් උපරිම හයියෙන් කෑගහන්නෙ වෙලදාමක් කරගන්න තියෙන වුවමනාවට.එදා වේල හරිහම්බ කරගන්න තියෙන වුවමනාවට ඒ පුංචි උගුර බැරැන්ඩි වෙනකං කෑ ගහනවා විනා මේ පුංචි එකා මේ දේ ආසාවට කරනවනම් නෙවෙයි.කොට කලිසමකුයි ඇගට වඩා ලොකු කමිසෙකුයි ඇදගත්ත මේ පොඩ්ඩාගෙ වැඩ ඒ අහල පහල මල් කඩවල් වල මිනිස්සුන්ගෙ වැඩ වලට වඩා වෙනස් වුණා.
"මල් පහක් කීයද පුතා?"
"දෙසිය තිහයි මහත්තයා.....දෙන්නද?"
"ඔව් දෙන්න....මල් දහයක්ම දෙන්නකො"
"හොදමයි මහත්තයා"
කඩේ ඉස්සරහ පිට තිබ්බ වතුර බාල්දිය ඇතුලට කෝප්පයක් දාලා වතුර අරං ඒකෙන් අත සෝදගත්තු පුංචි එකා ඊලගට පිලිවෙලට නෙළුම් මල් දහයක් පුප්පවලා එතන පිලිවෙලකට තියලා තිබ්බ කාඩ්බෝඩ් වට්ටි දෙකකට මල් පහ පහ අඩුක් කරලා මල් ගන්න ආව කාරුණික මහත්මයා දිහා බලලා හිනා වුණා.
"මේ දඩු අරං යන්න දෙන්නෑ මහත්තයා මාලිගාවට....මෙතනින්ම මෙහෙම අරං ගියාම මහත්තේලට ලේසියි"
"ඕහ්....හරි පුතා....චූටි බබා,කෝ එන්න.මේ අයියාගෙන් එක වට්ටියක් ඔයා ගන්න"
ඈතට වෙන්න හිටිය මිනිස්සු ගොඩ අස්සෙන් දුවං ආව අවුරුදු දහයක විතර පුංචි කෙල්ල මල් කොල්ලා ලගට ඇවිත් අත දික් කරද්දි ඒ කොලු පැටියා අර කෙලි පැංච අතින් මල් වට්ටිය තිබ්බා.ඒත් එක්කම එතන බාල්දියක තිබ්බ සුදු නෙළුමක් අතට අරං ඒකෙ දණ්ඩ කඩලා මල පුප්පවපු කොල්ලා පුංචි කෙල්ල ලග දණ ගහන් ඒ මල පුංචි එකීගෙ නිදහස් අත උඩින් තිබ්බා.
YOU ARE READING
තඹ(රු)හිරු
Non-Fictionතඹර පෙත්තක ඇදි රුහිරු පින්තාරුව............ "තුවක්කු ලෝඩ් කරන්න හුරු වුණු මගෙ අතින් නෙළුම් මල් පූදවන්න බෑ සහසැස්....ඒ වගේමයි නෙළුමට හුරු උනු උඹේ අත් වලින් තුවක්කුවක් දරන්නත් බෑ....හැබැයි ලේ සුවද විතරක් දැනන් උන්නු මට මල් සුවද විතරක් දන්න උබව රකින්න...