ඒ ලස්සන මල් කඩේ පිහිටලා තිබ්බෙ නුවර වැව රවුම කිට්ටුව ගස් වලින් ගහනය වෙලා තිබ්බ පිරිසුදු භූමියක.වටේටම වැවිලා තියෙන විශාල ගස් මැද්දෙ තිබ්බ ඒ ලීයෙන් අටවපු ලස්සනම ලස්සන මල් කඩේ හුගක් මිනිස්සුන්ගෙ හිත් වලට එක්කාසු කලේ සුරංගනා කතාවට හැගීමක්.පුංචි ලමයි උනත් හරි ආසාවෙන් ඒ පුංචි කඩේට එන්න හේතුව ඒක වගේම ඒ කඩේ හිටිය සුරදූතයෙක් වගේ උනු පුංචි කොලු පැටියා උනා.
කඩේ ඉස්සරහ උන්නු පුංචි එකාගෙ මූණ එලිය උනේ කඩේ ඉස්සරහපිට නවත්තපු වාහනයක් නිසා.පාවහන් දෙකක්වත් නොදා උන්නු පුංචි කකුල් වලට දැනෙන රස්නෙ නවත්තන්න වටේටම වැවිලා තියෙන ගස් වලටවත් පුළුවන්කමක් ලැබුනෙ නෑ.ඒ තරමට මේ ටිකේ නුවරට කාෂ්ටක අව්ව.
"මල් පහක් කීයද පුතා?"
"දෙසිය තිහයි මහත්තයා.....දෙන්නද?"
"ඔව් දෙන්න....මල් දහයක්ම දෙන්නකො"
"හොදමයි මහත්තයා"
කඩේ ඉස්සරහ පිට තිබ්බ වතුර බාල්දිය ඇතුලට කෝප්පයක් දාලා වතුර අරං ඒකෙන් අත සෝදගත්තු පුංචි එකා ඊලගට පිලිවෙලට නෙළුම් මල් දහයක් පුප්පවලා එතන පිලිවෙලකට තියලා තිබ්බ කාඩ්බෝඩ් වට්ටි දෙකකට මල් පහ පහ අඩුක් කරලා මල් ගන්න ආව කාරුණික මහත්මයා දිහා බලලා හිනා වුණා.
"මේ දඩු අරං යන්න දෙන්නෑ මහත්තයා මාලිගාවට....මෙතනින්ම මෙහෙම අරං ගියාම මහත්තේලට ලේසියි"
"ඕහ්....හරි පුතා....චූටි බබා,කෝ එන්න.මේ අයියාගෙන් එක වට්ටියක් ඔයා ගන්න"
ඈතට වෙන්න හිටිය මිනිස්සු ගොඩ අස්සෙන් දුවං ආව අවුරුදු දහයක විතර පුංචි කෙල්ල මල් කොල්ලා ලගට ඇවිත් අත දික් කරද්දි ඒ කොලු පැටියා අර කෙලි පැංච අතින් මල් වට්ටිය තිබ්බා.ඒත් එක්කම එතන බාල්දියක තිබ්බ කානේෂන් මලක් අතට අරං ඒකෙ කොල අහක් කරපු කොල්ලා පුංචි කෙල්ල ලග දණ ගහන් ඒ මල පුංචි එකීගෙ නිදහස් අත උඩින් තිබ්බා.
"බබා මේක අරං යන්න.....නෑ නෑ මහත්තයා සල්ලි එපා....මහත්තේලා මල් ගොඩක්ම ගත්තනෙ මගෙන්"
කරුණාවන්ත මහත්මයා තව සල්ලි කොලයක් අදින්න හැදුවත් මේ අවිහිංසක මල් කොල්ලගෙ ඒ වචන නිසා සල්ලි කොලේ සාක්කුවට දාගත්තෙ මනුස්සකම් සල්ලි වලට මනින එක පහත් වැඩක් කියලා දැනන් උන්නු නිසා.
YOU ARE READING
තඹ(රු)හිරු
Non-Fictionතඹර පෙත්තක ඇදි රුහිරු පින්තාරුව............ "තුවක්කු ලෝඩ් කරන්න හුරු වුණු මගෙ අතින් නෙළුම් මල් පූදවන්න බෑ සහසැස්....ඒ වගේමයි නෙළුමට හුරු උනු උඹේ අත් වලින් තුවක්කුවක් දරන්නත් බෑ....හැබැයි ලේ සුවද විතරක් දැනන් උන්නු මට මල් සුවද විතරක් දන්න උබව රකින්න...
පිවිසුම ❤️🤍
Start from the beginning