Make him jealous gone wrong😳😬🤯😟😱

228 26 14
                                    

" ඒයි උබ කියන්නේ...උ...බ..මා...මාස්ටර්ට....කැ...කැමති කියලද?" ජියෑන්ග් 10 වෙනි වතාවටත් ඇහුවේ පුදුමාකාර බයකින්...ඔහුගේ වචන පැටලෙවෙනවා..ඉතින් කාටද බය හිතෙන්නේ නැත්තේ තමන්ගේ හොදම යාලුවගේ හිතේ යක්ශයෙක් ගැන හැගීමක් ඇති වෙලා කියලා දැනගත්තම.....

ශාන් සසර කලකිරිලා වගේ ජියෑන්ග් දිහා බැලුවා

" උබ...ට පිස්සුද ශාන්..උබේ ඔලුව කොහේහරි වැදුනද...කෝ බලන්න...අහ් මේ හොදට තියෙන්නේ...උබේ මොළේ වයර් එහෙම මාරු වෙන්නැති ශුවර් එකටම "

ජියෑන්ග් එහෙම කිව්වේ ශාන්ගේ ඔලුව දිහා උඩින් බලමින්..ශාන් ජියෑන්ග්ගේ ඔලුවේ පිටිපස්සට පාරක් ගැහුවා

" මොට්ටයා...මම කියන්නේ ඇත්ත අනේ..මාස්ටර් ගැන කැමැත්තක් නෑ නෑ ආදරයක් ඇති උනේ අද ඊයෙක නෙමෙයි "

ශාන් නාට්‍යානුකාරව කිව්වම ජියෑන්ග්ගේ ඇස් ලොකු උනා

" එහෙනම් කවදා ඉදන්ද??"

" ඒක ආත්මීය බැදීමක්...මම ගිය ආත්මෙ ඉදන්ම එයාට ආදරය කරලා තියෙනවා "

ශාන් කිව්වා විතරයි ජියෑන්ග් පිස්සෙක් වගේ හිනාවෙන්න ගත්තේ ශාන්ගේ පිටට හොදවයින් පහරක් කිහිපයක් ගහමින්...ජියෑන්ග්ගේ ඇස් වල කදුලු හිනාවෙලාම..ශාන්ට ඒ වෙලේම තේරුනා මේ දේ මූට මොකට කිව්වද කියලා

ජියෑන්ග් හිනාව මදක් නවත්තලා සීරියස් මූඩ් එකක් අරං ශාන් දිහා බලලා ආයේ පිස්සෙක් වගේ හිනාවෙන්න ගත්තා

ශාන් සසර කලකිරිලා එතනින් නැගිටින්න හැදුවා විතරයි ජියෑන්ග් ඉක්මනින් එයාව නවත්තගත්තා

" ඕ..යි..කො..කොහෙද..ය..න්නේ..ඔහො..ම පොඩ්ඩක් ඉදින්...ම...ට හිනාව...නතරකරන්නකම්...චුට්ටක්..ඉදින්..අම්මෝ මගේ බඩත් කොර උනාද කොහෙද?

ජියෑන්ග් අමාරුවෙන් හති අරිමින් කිව්වා..ශාන් හැගීමක් නැති මූණෙක් ජියෑන්ග් දිහා බැලුවම ජියෑන්ග් වහා හිනාව නවත්තගත්තා

" හරි හරි උබ කියනවනම් ඒ වගේ මොකක්ද බැදීමක් ඔහේලා අතර ඇති...කොහොමහරි උබට ඕනේ මාස්ටර්ගේ හිතේ ඔයා ගැන මොන වගේ හැගීමක්ද තියෙන්නේ කියලා දැනගන්නනේ?"

*Devil's love 😈 Yizhan sinhala bl love*Where stories live. Discover now