අදිසි වැලදගැනීම & හාදුව 💋 😈👼💚

278 31 14
                                    

ශාන් හිටියේ දැඩි කලබලයෙන්...හේතුව පසුවද තම සොහොයුරට හදීසියේ පපුවේ අමාරුවක් හැදුන හිංදා වහා රෝහල් ගත කෙරුනා...ශාන්ට ඕන උනේ අය්යා ලගින්ම ඉන්න උනත් ඔහුට රස්සාවට යා යුතුයි...ඒ හිංදා අකමැත්තෙන් උනත් ශාන් තම රැකියාවට ගියත් හිත තිබ්බේ අය්යා ලගයි..ඔහුගේ මේ වෙනස්වීම හැමෝටම තේරුනත් කව්රුත් මුකුත් අහන්නේ නැතුව හිටියා....

ශාන්ගේ ෆෝන් එකට රෝහලයෙන් කෝල් එකක් ආවා විතරයි...ඒකේ කිව්වේ අය්ය ඉන්නේ අමාරු තත්වයක හිංදා පුලුවන් ඉක්මනින් හදවත් සැත්කමක් කරන්න ඕනේ කියලා...ඒත් ඒකට ලොකු මුදලක් ඕන වෙනවා...මෙච්චර ඉක්මනින් කොහොමද එච්චර ගානක් හොයාගන්නේ...පඩිය හම්බෙන්නටත් තව සති 2ක් විතර තියෙනවා...එච්චර කල් බලං ඉන්න බෑ...ශාන් දැන් ගොඩක් අසරණ වෙලා ඉන්නේ...එයාට එයාගේ ජීවිතයට ඉන්නේ අය්යා විතරයි....ශාන්ගේ ඇස් වලට කදුලු පිරුනේ...අය්යා ගැන හිතලා....

කාගෙන්හරි ණයක් ගන්නත් බැරි නෑ...ඒත් මේ හදිසියේ කාගෙන්ද ගන්නේ...එයාට අඩුම තරමේ යාලුවෙක්වත් නෑ....ජියෑන්ග් හිටියත් එච්චර ලොකු ගානක් දෙන්න තරම් ජියෑන්ග් පොහොසත් කෙනෙක් නෙමෙයි

මෙලෙස කල්පනා ලෝකේ ඉද්දි එයාගේ කැබින් එකට ආවේ....worker කෙනෙක්..එයාගේ සුදුමැලි මුහුණ දැක්කම ශාන්ට තේරුනා...එයා ආපු හේතුව...

"ශා....ශා...ශා...ශාන්!!!"

" මම යන්නම්"

ඔහු බයෙන් ගොත ගගහා කියද්දි ශාන් සුසුමක් පිට කරමින් නැගිට්ටා..ඔහු බය වෙලා ඉන්නේ මාස්ටර් ඔහුට කියලා ශාන්ව එක්කගෙන එන්න කියලා..ශාන් මාස්ටර්ට බයයි...ඒ හිංද ගැහෙන කකුල් වලින් මාස්ටර්ගේ ඔෆිස් රූම් එකට ගියා

ටක් ටක් ටක්

ගැහෙන අතින් තට්ටු කරාම.....

"COMING"

ගොරෝසු හඩින් පිලිතුරක් ලැබුනම ශාන් හොද හුස්මක් අරං ඇතුලට ගියා...මාස්ටර් ෆයිල් වගයක් බල බල ඉදියේ...ශාන් පිලිගත්තා මාස්ටර් ලියෝ නපුරු උනත් ගොඩක් කඩවසම් කියලා....

"m...ma...master"

ශාන් ගොත ගගහා කියද්දි මාස්ටර් වැඩේ නවත්තලා ඔහු දිහා බැලුවා.....

*Devil's love 😈 Yizhan sinhala bl love*Where stories live. Discover now