ලුසිෆර් 😈

224 28 13
                                    

"මම ඔයාව දන්නවද?"

සීන් හිනා උනා එයා හිතුවා වගෙම  ඔහුට තමන්ව මතක නෑ....සීන් මොනා කියලා කියන්නද?

" මාව බේරගත්තට ස්තූති....කුමරුනි"

ඔව් ලුසිෆර් කියන්නේ පාතාල ලෝකයේ ඔටුනු හිමි කුමාරයා.....

" ඒක සුලු දෙයක් ළමයෝ...මම සාමාන්‍යයෙන් කාගෙවත් ජීවිත බේරගන්න කෙනෙක් නෙමෙයි....ඔයාගේ වාසනාව" ලුසිෆර් කිව්වේ අහංකාර විදිහට

" මොකක්ද ඔයාගේ නම කිව්වේ?"

" මගේ නම සීන්"

සීන් කිව්වා විතරයි ලුසිෆර්ගේ ඇස් පොඩ්ඩක් ගැස්සුනා...හරියට ඒ නම කොහේදෝ අහලා තියෙනවා වගේ....තව මේ කොල්ලාව හුරුපුරුදු බවක් දැනුන....

" ඔයා මෙහේ තනියමද??"

" ඔව් කුමරුනි..."

" හ්ම්...හරි එහෙනම් මම යන්නම්...අද රෑට රාජ මාලිගාවේ උත්සවයක් තියෙනවා..එහී රාජකාරි බොහෝමයි..." ලුසිෆර් එහෙම කියලා අශ්වයාගේ පිටට නැග්ගා...

" පොඩ්ඩක් ඉන්න" යන්න හදලත් ඉක්මනින් නතර උන ලුසිෆර් පොඩි කාර්ඩ් එකක් සීන්ට දුන්නා

" ඔයා කැමති නම් විතරක් අද උත්සවයට එන්න...පාතාල ලෝකයට එන විදිහ දන්නවනේ...රෑ තමයි තියෙන්නේ අසුර ලෝකයේ අයට විතරක් නෙමෙයි බල තියෙන හැමෝටම මම ආරාධනා කරලා ඉවරයි ඔයාටත් එන්න පුලුවන්..අමතක නොකර ඔය කොල කෑල්ල එද්දි අරං එන්න...එහෙනම් කොල්ලෝ මම ගියා" එකදිගට එහෙම කිව්වා ලුසිෆර් අශ්වයා එක්ක එතනින් ගියා....

සීන් ලොකු සුසුමක් පිට කරා

" මම එන්නම ඕනෙද?" සීන් තමන්ටම කියාගත්තා

සීන්ට හොද ඇදුමක් තිබ්බෙත් නෑ...මේක ලොකු උත්සවයක්...සාමාන්‍ය විදිහට ඇදන් යන්න හරි නෑ...ඒත් සීන් මොනා කියලා අදින්නද???

එක්කෝ මම නොයා ඉන්නවා...මම නාවා කියලා ලුසිෆර්ට ගානක් නැතිවෙයි...මොකද කුමරුන් මාව එච්චරටම බලාපොරොත්තු වෙන්නේ නෑනේ....

සීන් තමන්ටම කියාගත්තා

සීන් කවදාවත් අවශ්‍ය වෙලාවල් වලට ඇරෙන්න තමන්ගේ බලය පාවිච්චි කරන්නෙම නැති තරම්...ඒත් ඔහුට හිතුනා පොඩ්ඩක් පාවිච්චි කරන්න...මොකද ඔහුගේ හිත කිව්වෙම අර උත්සවයට යන්න කියලා

*Devil's love 😈 Yizhan sinhala bl love*Where stories live. Discover now