දෙවෙනි හමුව

Start from the beginning
                                    

සිපගැනීම අවසානයේ ඔහු එය නැවතත් පෙට්ටගමට දමා වසනවාත් සමඟ ඔහුගේ සරම කඩාවැටුණේ ය.

ඒ සැණින් තමාට ටේ බණ්ඩා ගුරුන්නාන්සේ හමුවීමට යන්නට නියමිතව ඇත්තේ අද දිනයේ බව සිහිපත් වී ඔහුගේ නිදිමත ක්ෂණයෙන් දුරු වී ගියේ ය.

සිදු වූ දෙයින් අතිශය ලජ්ජාවට පත් ඔහු සිය මෑණියන් දෙසවත් ආපසු හැරී නොබලා දෑතින් ම සරම කිටි කිටියේ තද කරගෙන නා කියා ගැනීම පිණිස දොළ පාර දෙසට දිව ගියේ ය.

* * * * *

දොළෙන් නා ගත් කුක්සෝම වහා සරමකුත් බැනියමකුත් හැඳගෙන දේවාලය වෙත පිටත්වූයේ උදේ කෑම වේලවත් හරිහැටි නොගෙන ය.

ඔහු එහි ළඟා වන විටත් ටේ බණ්ඩා දේවාලයේ දොරකඩට වී ඔහු එන පෙරමඟ බලා සිටියේ ය. කුක්සෝමව දැකීමත් සමඟ මෙතෙක් වේලා අදුරු වැහි වළාවක් මෙන් දොම්නසින් බර වී තිබූ ඔහුගේ මුහුණත් හදවතත් සොම්නසින් පිරී ඉතිරී ගියේ ය.

කුක්සෝමගේ පොල් දත් සිනාව දැකීමත් සමඟ ගිය සඳුදාවේ දුටු ආශ්චර්යවත් දර්ශනය සිහිය සිහි වී ඔහුගේ සියොලඟ ම සලිත වී ගියේ ය.

"කුක්සෝම ඇතුළට ඇවිත් ඉඳගන්නැ"යි කියමින් ඔහු දොර අසලින් මෑත් වූයේ ය. ටේ බණ්ඩාගේ නියෝගය පරිදි සුගතන් විසින් මෙදින උදෑසනින් ම දේවාලය තුළ පුටු දෙකක් තබා සූදානම් කර තිබුණේ පෙර දිනයේ මෙන් අකරතැබ්බයක් සිදුනොවනු පිණිස ය.

එකිනෙකට මුහුණලා සිටින සේ සකස් කර තිබූ එම පුටු දෙකෙහි ටේ බණ්ඩාත් කුක්සෝමත් ඉඳගත් හ.

"ගුරුන්නාන්සේ මොකෝ ඊයෙ සාදෙට ආවෙ නැත්තෙ?" හා හා පුරා කියා කතාවට මුල්ගල් තැබූ කුක්සෝම විමසී ය.

"ගුරුකමකට ඕන කරන විශේෂ අරිෂ්ට වට්ටෝරුවක් පිළියෙල කරන්ට තිබුණා නොවැ. කුක්සෝමට මන් එවපු තෑග්ග හම්බවුණා නේද? ඒවා බීලා බැලුවද? රසද?" ගුරුන්නාන්සේ ප්‍රශ්න වැලක් ම අසාගෙන ගියේ ය.

"ඔව් මට ලැබුණා ගුරුන්නාන්සේ. බෝතල් දෙකක් ම බිව්වා මෙහෙ එන්න කලියෙන්. මන් බොහොම ආසයි ඒවයෙ රහට." ප්‍රශ්න වැලට පිළිතුරු වැලක් ම දුන් කුක්සෝම "රහටත් වැඩිය මන් ආස ඒ බෝතල්වලින් එන ගුරුන්නාන්සෙගෙ සුවඳට." යැයි කියවෙන්නට ආ හැඟීම මහත් වෙර යොදා සිත තුළ ම සඟවා ගත්තේ ය.

අලුත් ගුරුන්නාන්සේ (Taekook/Ongoing)Where stories live. Discover now