CHAPTER 10

29 3 15
                                    

ඔයාලා මගෙ හැටි දන්නෙ නෑ . ආතල් එකක් ගන්න හිතුනොත් ඒක ගන්නවාමයි .

පාන්දර එක වෙනකන්වත් නින්දක් ගෑවිලාවත් තිබුනෙ නෑ . පේන විදිහටනම් අර ගෑනි මන් කිව්ව පෑන්ටිය ඇදලා ඒක නිසා සද්ද මොකුත් නෑ . අද අරූත් ගෙදර නැති එකේ , උගන්වනවා උගෙ ගෑනිට හොද පාඩමක් හිටපන්කෝ.

පලමුව අපි ඕල්ඩ් ෆැශන් නිසා සුදු රෙදි බූතයෙක් තමයි ඉතින් ඔලුවට ආවෙ . පලමුව ටෝර්ච් එකයි , කෙසෙල් ලෙල්ලයි , සබන් වතුරයි , බාස්කට් එක්කට වතුරයි , ගෑනිගෙන් හොරාගත් මේකප් පව්ඩරද මොනවදෝ , එච්චරයි .

මේකප් පව්ඩර් ගාලා තව අර බ්ලිශ් ද බලශ් ද මන්දන්නෑ රෝස පාට කුඩු වගයකුත් උලාගත්තා මූනෙ . ඊලගට අර සුදු රෙද්දත් ප්ටලවගත්තා මූන විතරක් එලියට පේන විදිහට .

උඩට යන ගමන් සබන් වතුර එකත් හලාගෙනම නැග්ගා . ඉන් පසු කාබරේ දොර අතරයි පඩිපෙල අතරයි තියෙන හිඩසේ කෙසෙල් ලෙල්ල තියන්න අමතක කරේ නෑ . ඒකත් එහෙම තියලා වතුර බේසමත් දොර උඩට අටවලා ගියා මම ඇතුලට .

හහ් ගෑනියේ තෝ මගෙ හැටි දන්නෙ නෑ .

ටෝර්ච් එකත් රෙඩී කරගෙන හේමීට ඇද ලගට ගියා . ඇද ලගට ගිහින් පටන් ගත්තා මගෙ තොයිලෙ නටන්න .

හෙමීට  ශීට් එකෙන් එලියට වැටිලා තියෙන් කකුලට කිචි කවන්න පටන් ගත්තා . ඒකි නින්දෙන් කකුල ගහන්න පටන් ගත්තා. නෙක්ස්ට් ස්ටෙප් එක තමයි ලාවට ඒකිගෙ කකුල අදින එක . ඒකෙන් ගෑනි ඇහැරුනා . ඒත් එක්කමයි මම ටොර්ච් එක නිකට ලගින් තියලා ඔන් කරේ . ඔන් කරන ගමන් ඒකිගෙ කකුල හයියෙන් ඇද්දා.

' ඈඈඈඈඈ , බුදුඅම්මෝ බූතයෙක් . ' ටින් බෙලෙක්ක කටහඩින් කෑ ගැහුවා . හැබැයි ඒකි දන්නෙ නෑ කොච්චර කෑ ගැහුවත් කවුරුත් බේරන්න එන්නෙ නැති බව . ඒ මොකද කියනවනම් මම මේ වැඩේ කරන්න එන්න කලින් බොඩිගාර්ඩ්ස්ලාට මේක ගැන කිව්වා , එතන ඉන්න එවුන් මාව හොදටම දනන් නිසා අවුලක් නෑ.

ඒකි ඇදෙන බැහැලා දිව්වා . කාබරෙන් එලියට යද්දිම මම අටවපු බේසමත් හැලුනා ඒකිගෙ ඔලුව උඩට . තවත් කෑ ගහලා ආපහු දිව්වා එලියට , ඊට පස්සෙ අහුවුනා මගෙ අනිත් උගුලට .

සිහින මාවතක අතරමන් වීWhere stories live. Discover now