96- පළිඟු දිඟහැරුම ♡

Start from the beginning
                                    

"හරි අපි යන්කෝ උගේ ගෙදර .... ඒක පැත්තක දාපන් මචං ඌ කතා කරපු විදිහ අන්තිම කැතයි .... මොකක්ද අර එක්ස්පයර් වෙච්ච කිරි කතාව "

"අරයට කේන්ති ගියේම ඒක බන් .... සාමාන්‍යෙන් එයා කේන්තිය අපේ ඉස්සරහා පෙන්නන්න කෙනෙක් නෙමේනේ ... ඒත් මල්ලිනේ බන් .... ඔහොම කතා කරනකොට අපේ අයියලට උනත් මල පනිනවනේ "

"නැතුව බන් .... මම දන්නෑ අර ලබ්බට ගිය දා ඉඳන් අඩුම අපි එකෙක්ට වත් ඌ කෝල් එකක් දුන්නද නෑ .... අඩුම පොඩි කොල්ලටවත් නෑ .... අපිට ඌව කන්ටැක්ට් කරගන්න විදිහක් නෑ ..... මට එක වෙලාවකට හිතෙනවා බන් ඒ ලබ්බෙන් අපේ එකාව හිත් පිත් නැති එකෙක් කරලාවත්ද කියලා "

මම ඔලුව ශටර් එකෙන් තියාගත්තේ ඇත්තටම ටවීශ්ගේ වෙනස දරාගන්න බැරිව ....

"එක්කෝ ඌ කරන්නේ ඔස්කාර් සම්මානෙන් දමලා ගහන්න පුලුවන් රගපෑමක් ....නැත්තං ඌ ඇත්තටම පොඩි කොල්ලව අතෑරලා වෙන කෙල්ලෙක් හොයන් "

"මම හිතන්නේ දෙවනි එක .... උබ දැක්කානේ හෝල් එකේ පැය ගාණක් හිනා වෙවී කියෙව්වා කා එක්කද මන්දා "

"එක්කෝ ඕකවත් මරලා අපි දෙන්නත් වහ කාල කාල ගහමුද ජොඑලා "

"මට මගේ මිනිහව ගෙනත් දීපාන් ... ආන් එදාට වහ ගැලුමක් ඌටත් පොවලා මමත් ඒකෙන්ම කාලක් ගහනවා "

"තොපි ඔක්කොම පිස්සු උකන්නෝ "

අපි දෙන්නා කියව කියව ගිහින් උන්ගේ ගේ ඉස්සරහම ඉන්න හමුදා කොල්ලෝ දෙන්නට අයි ඩී දෙක දුන්නේ ඊට පස්සේ වාහනේ චෙක් කරාට පස්සේ ගාඩ් එකෙන් වාහනේ ඇතුලට දාන්න දෙද්දි

"කාව හම්බෙන්නද මිස්ටර් "

"ටවීශ් දි සිල්වා "

"පොඩි මහත්තයා ඉන්නවා ඇතුලට යන්න මිස්ටර් "

අපි දෙන්නා ඇතුලට යනකොටම ඇතුළෙ හිටියේ තරුණ ගෑනු ළමයෙක් .... පෙනුමින් ලස්සනයි හැබැයි අපිට වඩා වයස පාටයි

ඒත් එක්කම එලියට ආවේ ටවියගේ සාම්ප්‍රධායික අම්මා

"ආහ් මෙයාලානේ .... මොකෝ මේ පැත්තේ "

"ආන්ටි අපි මේ ටවියව බලන්න ආවේ "

"ආහ් අන්න මටත් පුප්පන් උඩට ගියා .... "

පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᵒⁿᵍᵒⁱⁿOn viuen les histories. Descobreix ara