15 වන කොටස

44 10 0
                                    

ගොඩ වෙලාවකට පස්සෙ කෙනෙක් ඇවිත් මාව අර පුංචි කූඩුව වගේ එකෙන් එළියට ඇදලා අරගෙන එවෙලෙ අර මට ගහපු කාමරේම කොනකට අරන් ගිහින් බිමට අතෑරියා. අතෑරලා දාපු විදියටම ඉන්නව ඇර මට වෙන කරන්න දෙයක් නෑ. නැගිටගන්නවත් ශක්තියක් නෑ. තුවාල නිසා ඇස් දෙක ඇරගන්නත් අමාරුයි.

ඒ මිනිහා ගොඩක් උසයි මහතයි. හරි නපුරු පෙනුමක් තිබ්බෙ. ලොකූ පෙට්ටියකුත් අරන් ඇවිත් එයා මන් ළඟින් බංකුවක් තියල ඉඳගෙන මගෙ අතින් ඇදල අරගෙන මාව හරව හරවා තුවාල දිහා බැලුවා. ටික වෙලාවක් බලන් ඉඳලා එයා අර ලොකු පෙට්ටිය ඇරල කතුරක් අතට ගත්තා. මාව එයාගෙ ළඟට අරන් මන් ඇඳන් හිටපු ඇඳුම් කැපුවෙ යට කලිසම විතරක් ඇඟේ ඉතුරු කරලා. එයා අර පෙට්ටියෙන් ඊළඟට අතට ගත්තෙ ලොකු බෝතලයක්. බලෙන්ම මාව නැගිට්ටවල ඒ බෝතලේ තිබ්බ එව්වා මගෙ ඇඟට හැලුවා.

ආෂ්ස්ස්.... ආහ්හ්.... ආ.... අම්මේ.... දැවිල්ලයි..... අම්මේහ්.... හෑහ්... ඌහ්.. ඌහ්.... අම්.... මේ...... හ්.... හ්හ්.....

බෝතලේ තියෙන ඒවා තුවාල උඩට වැටෙද්දි හොඳටෝම දනවා. මාව පුච්චනවා වගේ. දැවිල්ලට මට කෑ ගැහුනා. මන් ඈතට දුවන්න හැදුවත් මට යන්න බැරිවෙන්න එයා මගෙ අත තද කරගෙන අල්ලන් හිටියා. මන් කෑගහන එකවත් ගාණකට නොගෙන මුළු ඇඟ පුරාම ඒවා හැලුවා. ඊට පස්සෙ කොණ්ඩෙන් අල්ලලා ඔළුව උඩ අතට හරවලා මූණටත් හැලුවා. ඒ තිබ්බ බෝතලේ හිස් වුනාට පස්සෙ මාව ආයෙම අර කූඩුව ළඟට ඇදන් ගිහින් ඇතුළට තල්ලු කරල තමා එයා මාව අතෑරියෙ. තුවාලවල වේදනාව එන්න එන්නම වැඩියි. පේන  හැමදේම දෙක වෙලා කැරකි කැරකි වගේ තිබුනෙ. වමනෙටත් වගේ. කළුවරේ ඇරගෙන හිටපු ඇස් දෙක කළුවරේම වැහිලා ගියා.



.



.




.




කාව්‍යා මිස්..! පොඩ්ඩක් තේරුම් ගන්න.. ඔයා ඉන්න සිටුවේෂන් එක අපිට තේරෙනවා.. ඒත් අපිට මැරුණු කෙනෙක්ට පණ දෙන්න බෑනේ..

නෑ..! නෑහ්..! උඹල කාටවත් මාව තේරෙන්නෑ.. තේරුම්ගන්නත් බෑ.. කවදාවත් තේරුම්ගන්න ලැබෙන්නත් එපාහ්.. හ්හ්...

දුලා..! උඹට ඕනි තරමක් අඬන්න.. අ‍ඬල අඬල ඔය කඳුළු ඉවරයක් කරන්න.. මට ආයේ උඹ අඬනව දකින්න ඕන නෑ.. මට අපේ දරුවව රැකගන්න බැරිවුනා.. මට මගෙ පණ ටික රැකගන්න බැරිවුනාහ්.. සමාවෙයන් මගෙ රත්තරනේ.. අපි දැන්වත් මේක නවත්තලා හිත හදාගමු..

Tearsحيث تعيش القصص. اكتشف الآن