1 වන කොටස

129 22 0
                                    

එක පැත්තකින් අන්ධකාරය මුළු අහසම වට කරගනිද්දි අනිත් පැත්තෙන් ඒ අහසම එළිය කරාපු  ඉර, ඒ අන්ධකාරයට අහස ගිලගන්න ඉඩදීලා සාගර පත්ලට කිමිදෙනවා.

දවස පුරාම දාඩිය වැක්කෙරි වැක්කෙරි ඉදලා මූදූ හුළඟ ඇඟට වදිනකොට.. දැනෙන සනීපෙ.. හ්ම්ම්..

උදේ ඉදන් වැඩ කරලා ගෙදරට ඉක්මනින් යන්න බලන් ඉන්න මිනිස්සු ඔක්කොම මේ වෙද්දි එන මොකාක් හරි කෝච්චියක එල්ලිලා ගිහිම් හින්දා නිදහසේ.. පාඩුවේ.. කලබලයක් නැතුව බෝඩිමට යාගතැකි

මුළු දවසම ලොරිවලට බඩුදාලායි බාලායි පිට කොන්ද කැඩෙන්න ඔන්න මෙන්න වගේ වේදනයි. මේ දවස්වල සල්ලි අමාරුයි හන්දා දවස් කීපයක්ම රෑ කඩේ වැඩට ගියායින් හරියට නින්දකුත් නෑ. ඇහි පිල්ලන් ගහන්න ඇස් දෙක වැහෙන ඩිංගට නින්දයනවා.

අභී..

.....

ඒ බන් අයියේ මේ..

ම්ම්..

නිදිමරගාතේ මහී කතා කරනවා ඇහුණට මොකද උත්තර දීගන්න බෑ.

ඒ උඹ නිදිද? උඹ ඊයෙත් රෑ කඩේට ගියානේද ආ?

හ්ම්ම්.. ඔම්ම්..

මාව එකපාරට උඩ ගිහින් ඇහැරුනේ නවත්තලා තිබුණ කෝච්චියෙ නලා සද්දෙට.

දඩාං..

ආව්ව්.. යකො..! රිදෙනවා බන්..

ගැස්සෙනවත් එක්කම මහී මගෙ පිටට දඩාස් ගාලා අතින් දමලා අතෑරියා. මුළු පිටම පුපුරු ගහන්න වගේ. මේකි යක්සනියක්ද මන්දා මෙහෙම ගහන්නෙ. කොහොමහරි නිදිමතනම් ගියා මේකි ගහපු පාරෙ සැරටම.

උඹට මන් ඊයෙ කිව්වා රෑ කඩේට යන්න එපා.. නිවාඩුවක් දාලා පොඩ්ඩක් නිදාගනිම් කියලා.. නැත්තම් ඔතනින් අයින්වෙලා අර සමන් අයියගෙ බාර් එකේ හරි වැඩට පලයන් කියලා.. අඩුම ඒකෙ මහන්සියට හරියන්න ගෙවනවා බන්..

ඊයේ පෝයනෙ බන්.. එදාට තමා බිස්නස් තියෙන්නෙ.. ඕක දැන දැන නොගිහින් ඉන්න හිත දුන්නෑ බන්..

ඕකනේ බැරි.. උඹගෙ හිත හොඳ වැඩී බන්.. ඈ බන් අයියෙ.. පෝයට කොහොමද බිස්නස් වැඩිවෙන්නෙ? හරිනම් අඩුවෙන්න එපෑයෑ..

TearsWhere stories live. Discover now