5 වන කොටස

228 39 0
                                    

⏹️⏹️⏹️⏹️⏹️⏹️⏹️⏹️⏹️⏹️⏹️⏹️⏹️⏹️

ඇස්  අරිනකොට මන් හිටියෙ කාමරේ ඇඳ උඩ. ඔළුව උස්සන්න බෑ කැරකැවිල්ලයි වමනෙටයි වගේ. ළඟ පාතක කවුරුත් පේන්නත් නෑ. මගෙ කොණ්ඩෙ එහෙම හොඳට පිහල වේලිලා වගේ. ඇදුම්නම් තෙතයි වගේ ඒත් බැරිකමටම මන් ඇඳේ පතබෑවිලා හිටියා. මන් මේ කල්පනා කරේ එවෙලෙ මොනාද සිද්ධවුනේ කියල.

මන් පාඩුවේ ඉදගෙන හිටියා.. ඊට පස්සෙ ඇස් වහගත්ත ඩිංගට මිනේත්‍රයා ඇවිල්ලා ඌව මන් මඟාරිනවද ඇහුවා.. ම්ම්.. ආ.. ඊට පස්සෙ මන් ඌට නෑයි කියල එන්න ආවානෙහ්.. ඌට ඒකටනෙ කේන්ති ගිහිල්ලා මාව අර ගහට තියලා බෙල්ල මුලින් අල්ලගෙන මාව මරන්න හැදුවෙ.. මූට මාරයාවේස වෙලාද මාව මරන්න හදන්නෙ? යකෝ මන් මූට මොන වරදක් කරා කියලද? ඔන්න මන් පොඩ්ඩක් මිනිහව මඟෑරියත් වගේනම් තමා.. ඒත් ඉතින් එහෙමයි කියල මාව මරන්න ඕනයෑ.. මූට සයිකොද දන්නෑ.!? දෙයියනේ..! මට සයිකොකාරයෙක් එක්කනම් මේ වහල යට ජීවත් වෙන්න බෑ.. බුදාම්මෝ..! මාව මැරුවොත් ඊළඟට ලීලා ආන්ටි මට මැරිලවත් නිදහසේ ඉන්න දෙන එකක් නෑ ' උඹට මෙතනම මැරෙන්න ඕන වුනාද? ' අහයි.. නිස්කාරනේ උඹේ වැරදිවලට මට බෑ මැරිලත් බැනුම් අහන්න.. ඊටත් ඇයි යකෝ මන් මැරිලා ඊළඟට හොල්මනක් වෙලා මුගේ පස්සෙන් පන්නන්න එපැයි? පලිගන්නවා කියලා මුගෙ පස්සෙන් පන්නන්න තරම් මට මෝල් අමාරුවක් නෑ.. ඔය කිසි ප්‍රශ්නයක් නෑනේ මන් මුගෙ අතින් නොමැරී හිටියනම්.. මන් මැරෙන්නෙ නෑ.. මට දුක් විඳින්න බෑ.. වද කෙරුවත් උඹෙ අතින්නම් මන් මැරෙන්නෙ නෑ.. නෑ.. නෑ.. මයි... හිවලෝ.. මොනාද මන් මේ හිතන වැඩකට නැති සිතුවිලි? හරිම ගොන් සිතුවිලි මේ හිතට එන්නෙ..

ම්ම්.. සීරියස් වෙමුකෝ.. හ්ම්ම්.. අරූ එවෙලෙ මට.. මොනාහරි කිව්වා.. ම්ම්ම්... මොනාද කිව්වේ..? ආ.. මන් අත රිදෙනව කිව්වම ඌ මොකක්ද කිව්වා.. අම්.. උම්.. ඹට.. උඹට විතරක් නෙවෙයි මටත් රිදෙනව හරි මොකක් හරි ඒම එකක් කිව්වා.. ආ.. යෙම.. පිස්සු පිස්සු කියලා කෑ.. ගැහුවදත් කොහෙද? ම්ම්ම්.... ඊට පස්සෙ මට සිහිය ටික ටික නැතිවුනාම්ම්.. ඒ.. ත්.. ඌවත් එකපාරට බිමට වැටුණා.. නේද..? මට ඒම මොනාහරි මතකයි වගේනේම්... මොනාද වුනේ..?

(( උඹ.. මට ගොඩා... ක් රිද්දනවා ශකූහ්..))

))

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Tears ( Complete )Where stories live. Discover now