9 වන කොටස

194 30 0
                                    

මාව මෙහාට උස්සන් ආපු දා ඉදන් දින සති මාස ගාණක්ම යන්නැති. එදා සිද්ධියෙන් පස්සෙ අළුතින් කියල කිසිම දෙයක් නෑ. නිව්ස්වලවත් කෙනෙක් අතුරුදහන් කියලවත් මොකවත්ම නෑ. මනූගෙන් ආයෙම කිසිම පණිවිඩේකුත් නෑ. අර මදීර් කියන එකා ඇවිල්ලා කන්න බොන්න බල කරල යනවා. පේන්ට් කරන්න කියල බඩු ගෙනත් දුන්නට මන්නම් හැරිලවත් ඒවා දිහා බැලුවෙ නෑ. මාව මේක අස්සේ කූඩු කරගෙන මුන් මොනවා කරනවද දන්නෑ. පුදුමයි මන් ගැන මහීවත් හොයන්නැතුවා..! හ්ම්ම්.. කවියගෙ නංගිගෙ කසාදෙ එහෙම මොකෝ දන්නෑ? මහීත් මොනා කරනෝද දන්නෑ? ළමා නිවාසෙ උන්ටනම් කන්න බොන්න ටිකවත් ඇති කියල හිතෙනවා.. ඒත්.. මන් එදා කරපු වැඩේ හන්දා ඒකත්.. මෙලෝ හසරක් නොදැන දවසම කල්පනා කර කර තමා මට ඉන්න වෙලා තියෙන්නෙ හ්ම්ම්..

මෙතන මට කන්නද බොන්නද අඳින්නද හැමදේම තියෙනවා. ඕන දේ කියන්න විතරයි තියෙන්නෙ ඒ හැමදේම මට ලැබෙනවා. ඒත්.. මේවා තියෙනවට වඩා සැනසීමෙන්.. නිදහසෙන් මන් මේ ආම්පන්න නැති කාලේ ජීවත්වුනා.. දුප්පත්වුනත් ඒ දවස්වල මන් ජීවත්වෙනව කියන හැඟීම මට දැනුනා.

උදේට බෝඩිම් කාමරේ දොර ඇරපු ගමන් දකින්නෙ.. දොරකඩ තියෙන සේපාලිකා ගහ යට ලස්සන චීත්ත රෙද්දක් එලලා වගෙ තියෙන සේපාලිකා මල් ටික.. ඒත් එක්කම දැනෙන සුවඳ...

දඩිබිඩියෙ තියෙන ඇඳුමක් ඇඟේ පටලන් කෝච්චිය පස්සෙන් දුවලා හති වැටෙද්දි.. ඒ හතිය නිසා හදවත ලබ් ඩබ් ගාන සද්දෙ ඇහෙද්දි.. එදා මන් ජීවත්වෙනවා කියල දැනුනා..

මන් වෙනුවෙන් ගෙදරක බතක් ඉදුන් නැතුවට.. මන් වෙනුවෙන් හොරාට වැඩිපුර හොදි ඩිංගිත්තකුත් දාලා.. රස බත් පතකුත් ඔතාගෙන ඇවිත් මහී හැමදාම කෝච්චියෙදි ඒක මගෙ අතේ ගහද්දී..

උදේම මුහුදු රැල්ලත් එක්කල තල්ලුවෙලා ඇවිත් වදින හුළං පොඳ..

කලබලේ තම තමන්ගෙ රාජකාරියට දුවන මිනිස්සු..

ඉඳල හිටල පොළොව තෙමල මහන්සිය නිවන වැහි..

උරේ කැඩෙනකම් ඇදපු විශාල ගෝනි..

කොයිවෙලෙත් දුක සැප දෙකම එකසේ බෙදාගත්ත කවියා..

හැමදාම රෑට ආසාවෙන් බලන් ඉන්න හිතෙන මගේ රෑ අහස.. ඒත් එක්ක වැටෙන කඳුළු බිංඳු..

Tears ( Complete )Where stories live. Discover now