චරිත හැඳින්වීම

204 21 2
                                    

අභී ශාක්‍ය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අභී ශාක්‍ය

වයස 27

නිවසේ ඇති වූ ගින්නක් නිසාවෙන් කුඩා කලම දෙමාපියන් අහිමිවිය. අවුරුදු 3 පමණ සිට ළමා නිවාසයක හැදී වැඩුනු දඟකාර , හැමදෙයක්ම ධනාත්මකව හිතන්නට පෙළඹුනු , මිත්‍රශීලී ආදරණීය කොල්ලෙක්. තමන්ට විඳින්න නොලැබුණු ආදරය හැමෝටම බෙදන්න වෙර දරන ප්‍රේමණීයයෙක්.

" ආදරේ කියන දේ මට නොලැබුණත් , තවත් කෙනෙක්ට නොලැබී තියෙන්න හොඳ නෑ බන් "

ළමා නිවාසය අතැර ආ දා පටන් ඔහු බෝඩිම් කාමරයක ජීවත්වෙයි. ඔහු සිටි ළමා නිවාසයෙහි භාරකරු මිය යාමෙන් පසු එහි සිටි සියළුම දරුවන්ට දැඩි දුෂ්කරතා විඳින්නට සිදුවිය. සාමාන්‍ය පෙළ විභාගය සමත් වූවත් අභී හට උසස් පෙළට මුහුණ දෙන්නට නොහැකි විය. ළමා නිවාසය අත් හැර ආ දිනයේ සිට සමාජය තුළ ජීවිතය ගැට ගසාගන්නට කර්මාන්ත ශාලාවක දුක්විඳීම ඔහුට උරුම විය.

 ළමා නිවාසය අත් හැර ආ දිනයේ සිට සමාජය තුළ ජීවිතය ගැට ගසාගන්නට කර්මාන්ත ශාලාවක දුක්විඳීම ඔහුට උරුම විය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

රිද්මි මහීමා

වයස 25

ඇය අභීගේ හොඳම යෙහෙළිය යි. අභීත් සමඟම ළමා නිවාසයෙහි හැදී වැඩුණු ඇයත් ඔහු මෙන්ම ආදරණීය දඟකාරියක්. දෙමව්පියන් විසින් අත් හැර දමා ගිය ඇයටත් ළමා නිවාසයේ අභාවයත් සමඟ අභීට මෙන්ම අධ්‍යාපනය නිසි ලෙස අවසන් කරන්නට නොහැකි විය. අභීත් සමඟ එම කර්මාන්ත ශාලාවෙහිම වෙනත් අංශයක ඇයද රැකියාව කරයි.

TearsWhere stories live. Discover now