• විසිනව වන දිගහැරුම •

Start from the beginning
                                    

" ආහ් උබ එහෙනම් යුගාන්ව හම්බ උනාම යුගාන්ගේ ඇස් දෙක දිහා බලලා කියපන් ඔය ඇස් දෙක මට ලෝකයක් වගේ කියලා තව කියපන් ඔයාගේ තුරුල මට ගෙදර තියෙන ඇන්ටික් ඇදටත් වඩා සනීපයි කියලා .. ඒ ඒ ඔය මොනවද උබ ඔය කරන්නේ ?? "

තීර්ථ හද පතුලෙන්ම තීනුට කියන්න ඕනේ දේවල් කියද්දි තීනු ඒ තමන්ගේ කරේ තිබුනු බෑග් එකත් ගලවලා පොතකුයි පෑනකුයි අර ගෙන මොනවද ලියා ගද්දි තීර්ථ කිය කිය හිටපු එකත් නතර කරලා තීනු දිහා බැලුවා .

" මම මේ අමතක වෙයි කියලා පොතක ලියා ගන්න හැදුවේ .. උබ දිගටම කියා ගෙන පලයන් ඉතිම් "

තීනු ආයෙ තීර්ථ කියන දේවල් ලියා ගන්න ලෑස්ති පිට ඉද්දි තීර්ථ ආයෙම තමන්ගේ හඩ අවදි කලා .

" උබ යුගාන්ව දකින දකින සැරේට ඇහැක් ගහලා යටි තොල ලෙව කාලා දිවත් පොඩ්ඩක් හපපන් එතකොට යුගාන්ගේ හිත සලිත වෙන එක සත්තයි "

" අහ් පොඩි ප්‍රශ්නයක් "

තීනු පෑනත් කටේ ගහගෙන තීර්ථ ගෙන අහද්දි තීර්ථ තීනු දිහා බලලා ඇහිබැමක් ඉස්සුවා .

" මොකක්ද දැන් උබට තියෙන ප්‍රශ්නේ ?? "

" මම දැන් හපන්න ඕනේ මගේ දිවද නැත්තම් යුගාන්ගේ දිවද ?? "

තීනු තමන්ගේ ඔලුවත් කස කස අහද්දි තීර්ථගේ කටට හොද හොද කුනුහරප පේලියට ගලා ගෙන එන්න ගත්තා .

" උබේ දිව යකෝ උබේ දිව !! උබට ආයේ මගෙන් ප්‍රශ්න අහන්න බැහැ ඇහුවොත් උබව හරහට කපනවා දැන ගනිම් !! "

" හරි හරි නොදන්න කමට දැන ගන්නනේ ඇහුවේ "

තීනු හොටු පෙරා ගෙන නහය උඩට උස්ස උස්ස කියද්දි තීර්ථ වැඩිය තීනුට මුකුත් නොකිය ඉන්න තීරණේ කලේ මොනවා හරි කියලා තීනු මෙතන හෝස් එක ඇරියා වගේ නහයෙන් අඩන්න ගත්තොත් තමන්ගේ මුලු දවසම මුස්පේන්තු වෙන එක ගැන ආයේ දෙකක් නැති නිසා .

" ඔන්න ඊට පස්සේ උබ යුගාන් එක්ක කතා කරද්දි ලස්සනට කතා කරන්න ඕනේ ඒ කියන්නේ දැන් උබ ඔය කුනුහරප කියන එක නැති කර ගන්න ඕනේ "

" අනේ හුත්තෝ කුනුහරප කියන්නේ නැතුව කතා කලාම කෑවේ නැහැ වගේනේ "

සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎𝐍𝐅𝐈𝐂 Where stories live. Discover now