• විසිතුන් වන දිගහැරුම •

539 130 124
                                    

" මා දැන ගතිමි මා සැක කලෙමි !! කවදාවත් නැතුව අයියා රෑ එලි වෙනකල් කෝල්ස් වල ඉද්දි තනියෙන් කතා කරද්දි තනියෙන් හිනා වෙද්දි යුගාන් අයියත් මෙහෙට හවසට හවසට රිංගද්දි මොකාක් හරි මං නොදන්න දෙයක් සිද්ද වෙනවා කියලා මගේ වම් පෙනැහැල්ලට ඒ ගැන කලින්ම තේරුනා "

මිදුලට එද්දි යුගානුයි තීනුයි හිටපු විදිහ දැකලා මන්දාරමී කෑගහන්න ගද්දි තීනුයි යුගානුයි වෙඩිල්ල වගේ ඈත් උනා . තීනු නම් පණ ගැහි ගැහී හිටියේ මන්දාරමී දැකපු දේවල් අම්මට කියයි කියලා . ඒ ගැන යුගානුත් ගේ හිතටත් බයෙක් දැනෙන්න සැලැස්සුවත් කෝල්ලෝ දෙන්නා නොදන්නවා උනාට එයාලා සෙට් වෙනවට මන්දාරමී හෙනට පෙරුම් පිරුවා .

" ඕයි චූටි අම්මට කියන්න එපා කිසිම දෙයක් !! "

තීනු තමන්ගෙ මූණ හකුල ගෙන කියද්දි යුගාන් තීනු දිහා බලලා තීනුට ලං උනා . තීනුගෙ මූණ දැක්ක ගමන්ම පේනවා තීනු ඉන්නේ හුගක් බය වෙලා කියලා . ඒක නිසාම යුගාන් තීනුගේ අතින් අල්ල ගෙන තීනුගේ අත පිරිමදිද්දි ඒ දිහා බලන් හිටපු මන්දාරමීට කුචි කුචි වගේ එකක් දැනෙන්න ගත්තා . කොහොමත් මන්දාරමී මුලදිම තීරණය කරලා තිබුනේ තීනුට කොල්ලෙක්ව සෙට් කරලා පවුලට මස්සිනෙක්ව ගෙනල්ලා දෙන්න .

" මං අම්මට කියන්නේ නැහැ !! මේ ඒක නෙමෙයි ඔයාලා දෙන්නා සෙට්ද "

මන්දාරමී ඇඹරෙන ගමන් අහද්දි යුගාන් ඔව් කියන්න වගේ ඔලුව වැනුවා .

" යොහ් වූහ්හ්හ් මම ගිය සතියෙ ඇම්බැක්කේ දේවාලේ ගිහින් ඉසිරු මුණියෙ පෙම් යුවල යටින් ලිව්වෙත් ඔයාලා දෙන්න සෙට් වෙන්න කියලා .. අනෙ එයාලා මං කිව්ව දේ කරලා "

මන්දාරමී පිස්සෙක් වගේ උඩ පැන පැන කෑ ගහද්දි තීනුයි යුගානුයි මේ දිහා තාමත් කන්ෆියුස් උනු සීන් එකකින් බලන් හිටියා . මන්දාරමී ගෙන් බලාපොරොත්තු උනාට වඩා වෙනස්ම ප්‍රතිචාරයක් ලැබෙද්දි තීනුට පලවෙනි පාරට තමන්ගේ නංගි ගැන හොද හැගීමක් දැනෙන්න ගත්තා .. මන්දාරමී උඩත් පැන පැන එහෙන්මම යුගාන් ගාවට ඇවිත් යුගාන්ව බදා ගද්දි තීනු තමන්ගේ ඇස් දෙකත් හීනි කරලා ඒ දිහා බැලුවා .

සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎𝐍𝐅𝐈𝐂 Hikayelerin yaşadığı yer. Şimdi keşfedin