අම්මා බලෙන්ම බත් කවද්දිත් මං හිටියෙ ඔරවගෙන.. මෙහෙමයි ඉතින් බත් එක දැක්කම නොකාත් බැරි උනා.. පොලොසුයි , බිත්තර තම්බලා , පරිප්පුයි , අල තෙල්දාලයි , බෝංචියි සුදු බතුයි.. අපේ ගෙදර කොහොමත් උදේට උයද්දී දවල්ටත් එක්කම තමයි උයන්නෙ ගොඩක් වෙලාවට දවල්ට අම්මා ගෙදර නැති නිසා..

" කෝ කාල ඉවරද..? කටවල් දහයක්වත් කෑවෙ නෑනේ දරුවො..! "

" ඇති මට..! "

" වතුර තියෙනවනෙ ළග.. හරි එහෙනම් පරිස්සමින් යන්න.. හිතුවක්කාර වෙන්නෙපා චූටි..! ඔයාගෙ හොදටනෙ මේ.. මතකයිනෙ අර දරුවා දෙකට එනවා.. මට අද වැඩ වගයක් තියෙනවා.. මට එන්න බැරි වුණොත් දොර එහෙම වහලා තියලා ගෙදර කවුරුත් නෑ වගේ හැසිරෙන්න එහෙම හිතන්නවත් එපා..! තේරුනානෙ..!? අද අයියත් ගෙදර නැති නිසයි කියන්නෙ.. මොන පිස්සුවක් නටන්න හිතන් ඉන්නවද දන්නෑනෙ.. "

" එකම එක කියවන්නෙපා අනේ..! "

" එකම එක කියන්න වෙලා තියෙන්නෙ ඔයාව ශුවර් නැති නිසානෙ.. "

අනේ මගුල..! මං අම්මටත් වැදලා ඔරවගෙනම මගේ බයිසිකලේ ගේට් එකෙන් එළියට දැම්මා.. ඔව් ඉතින් මාව එදා ඉදන්ම ශුවර් නෑනෙ.. අර බල්ලනෙ ඔලුව උඩ තියන් ඉන්නෙ..

" අඩෝ නිසිනුවා එන්නෑ කිව්වෙ නෑනේ නේ..? "

මං ක්ලාස් එකට ගිහින් වාඩිවුණත් එක්කම චාරුකයා ඇහුවේ.. නිසිනු තාම ඇවිත් නෑ.. උන්ලයි ගෙවල් වලටත් කිට්ටුයි ක්ලාස් එක අපේ ගෙවල් වලට වඩා.. අර ගෙවල් ළග එකා කියනොනෙ අන්තිමටම එන්නෙ.. අන්තිම මොහොතෙ පිඹගෙන ඒවි ඌ..

" නෑ නෑ.. ඌ එනවා කිව්වා.. "

" මොකෝ නිකන් උබ දාහට අරන් සීයට දීලා වගේ ඉන්නෙ..? "

" අනෙ වැඩක් නෑ බං කතා කරලා.. මං මේ උදේ අම්මත් එක්කත් රණ්ඩුවක් අල්ලලා ඉන්නෙ.. දැන් හෙන ගිල්ටි..! "

චාරුකයට උත්තර දීලා මං එහෙන්මම ඔලුව ගහගත්තා ඩෙස්ක් එකේ.. සිරාවටම මට දැන් හෙන අවුල් වගේ මං හැසිරුණු විදිය මතක් වෙද්දි..

" අඩෝ මොකක්ද වුණේ කියහන්.. "

" නෑ නෑ බං ලොකු දෙයක් නෙවෙයි.. මේ මං බෑ කියද්දිම මැත්ස් ක්ලාස් එකක් කරන්න හදනො ගෙදර.. "

මේඝාම්බර | ᴏɴɢᴏɪɴɢWhere stories live. Discover now