01 කොටස

3.5K 329 187
                                    

" මල්ලි ටීචර්ස් මීටින් එක ඉවරයි මං හිතන්නෙ.. අනිත් ජූනියර්ස්ලත් කතා කරගෙන ඔයාලා ක්ලාස් වලට යන්න දැන් "

සෙහදු අයියා ඇවිත් කියද්දි මං මේ හරියෙ ඉදිය අපේ එවුන් ටිකටත් කියාගෙන එන්න ආවා.. සෙහදු අයියා තමයි මේ පාර අපේ CEO වගේම DHP ලා තුන් දෙනාගෙන් එක්කෙනෙක්.. පොර හොදඑකා.. හැබැයි හොදඑකා මලයකා වෙන්න විනාඩියක් යන්නෑ.. පොඩ්ඩ එහා මෙහා වෙන්න බෑ මුට.. ඕත් එකට ප්‍රැක්ටිස් දවස් වලනම් අපි මදි නොකියන්න කටු කෑවා පොරගෙන්.. අපෙ ගෙදර ඉන්න මහ පගයටවත් එච්චර අමාරුවක් තිබ්බෙ නෑ.. නෑ ඉතින් මේ පාර හෙඩා අපේ ගෙදරනෙ..

මං එහෙන්මම අටේ සෙක්ෂන් එක පල්ලෙහා තියෙන ටැප් පේළිය ගාවට ආවා.. බඩත් ගිනියි යකෝ..! ස්පෝට් රූම් එක පැත්තෙ යන්නත් ඕනි.. අද ආෆ්ටර් ස්කූල් කරාතෙ ප්‍රැක්ටිස් දවසනෙ.. ඇටෙන්ඩන්ස් බුක් එක ගන්නෝනි ලාස්ට් බෙල් එක වදින්න කලින්.. වැඩ වැඩි මහන්සි දවසක් අද.. ඒත් ආසමත් අද තමයි..!!

" ආ සහිරු බොසා "

ස්පෝට් රූම් එකට ඇතුල් වෙද්දිම ඇහුණෙ කුළු මීහරක් හඩක්.. හයියෝ බැලින්නම් මේ අපෙ නිසියනෙ.. නිසියා කිව්වට උගෙ නම නිසිනු.. ආදරේට කියන්නෙ නිසී මිසී කියලා.. 9 ට එනකන් එකට අහු උනු එකෙක්.. 10 දි ඌ G එකට වැටුණෙ.. අපි ඉතින් I නෙ..

" බොම්කේ.. මොකෝ මේක අස්සෙ "

" නිකන් නිකන්.. ඇටෙන්ඩන්ස් බුක් එක ගන්නද උබ ආවෙ ? "

" ඔව් ඔව්.. උබ අද නවතිනෝනෙ හවස ? "

ඒකට නිසිනු ඔලුව වැනුවා විතරයි.. මුට අද මේ මොකක් වෙලාද මන්දා.. නැත්නම් මූ එහෙම සයිලන්ට් කැරැක්ටර් එකක්නම් නෙවෙයි.. එකට දාහක් කියන එකෙක්.. පොඩ්ඩක් ඉන්න.. මූ මල්වර වෙලාද දන්නෑ මේක අස්සෙ ඉන්නෙ..

" ඒ බං.. උබ ලොකු ලමේක් වෙලාද ? "

වටපිට බලලා මං උගෙ කනට ලං වෙලා ඇහුවා.. වෙලාවට කවුරුත් නෑ මේකෙ.. සැක් ලැජ්ජයිත් එක්ක අනේ..

" මොකක්ද..? "

" ලොකු ලමේක් උනාද කියලා ඇහුවෙ අනේහ් "

මං ඌ ලගට පුටුවක් ලං කරන් වාඩිවුනේ ඇස් නටව නටව.. ඌ ඉන්නව නිකන් මොකෙක්ද එකෙක් වගේ මං දිහා බලන්..

මේඝාම්බර | ᴏɴɢᴏɪɴɢWhere stories live. Discover now