CHAPTER 12 🌱

Magsimula sa umpisa
                                    

" අනේ මගේ නිසල්... ඔයාවයි පැංචාවයි දෙන්නම අපි කෝමහරි බේරගන්නවා.. බය වෙන්න එපා.. "

" දැන් බය නෑ සසින් මම මගේ හසීවයි ඔයාවයි දෙන්නවම දැක්කනේ.. මම දැන් දන්නවා මගේ පැටියට එයාගේ අප්පච්චි එයාව බලාගන්න මාමා කෙනෙකුයි අත්තම්මා සීයාතාත්තා මේ හැමෝම එයාට ඉන්නවා කියලා.. ඉතින් ඇයි මන් බය වෙන්නෙ.. "

" මගේ නිසල්.. "

" මේවා හසීට කියන්න එපා.. අනේ මගේ පැංචාව පන වගේ රැකපන් සසින්.. "

" මගේ පනටත් වඩා මම රකිනවා නිසල්.. "

" මම දන්නවා ඒක.. මට දුක එරෙන තනකිරි පැංචට බොන්න නැති වෙයිද කියලා.. පිරිමි පපුවක තනකිරිත් එරෙද්දි ලෝබයි මගේ පැංචට අම්මා කුක්කු බොන්න අම්මා ලග නැති වෙයි කියලා.. "

" මොනාද අප්පේ යාලුවෝ දෙන්නා බරටම කියවන්නේ.. මැනික මොනාද සසින් කියන්නේ.. කේලම් කිව්වා නේද තෝ "

අපි දෙන්නගේ කතාවට තිත තියලා හසී ඇතුලට ආවා වොශ් දාලා..

" සසින් මගෙන් ප්‍රෙග්නන්ට් වුනාම කොයි වගේද අහනවා.. දොලදුකට කන්න ඕනි වුනේ මොනවද කියලා අහනවා.. "

" ඇත්තටම මොනාද මැනිකේ "

" මට දොලදුකක් තිබ්බේ නෑ මැනික.. ඊයෙ තමා පලවෙනි වතාවකට කෑමක් කන්න ආසාවක් ආවෙ.. ඒකත් ස්ට්‍රෝබෙරි "

" අනේ දෙයියනේ ඒ දොලදුක කියලා දැනන් හිටියේ නෑ මන් "

" ඒක දැනගත්තත් විශේෂයක් නෑනේ ඔයා ගෙනාවා මම කෑවා.. "

" ඒ වුනත්.. "

" ඒක හිතන්න එපා.. මේහ් මට වොශ් දාන්න ඕනි හසී.. දැන් ඩොක්ටර් එනවා මාව බලන්න"

" යමු මැනික.. මම ඔයාව හෝදවන්නම්.. "

" නෑ නෑ එපා ආපහු තෙමෙන්න එපා.. මන්ලගින් බලන් ඉන්නකෝ.. මට හිටපු ගමන් කලන්තේට එනවා ඒකයි.. "

හසී මාව වොශ් රූම් එකට එක්කන් ආවා.. මම හෙමින් හෙමින් මගේ ඇදුම් ගලවලා එයා ඉස්සරහ නිරුවත් වුනා..

" හසී ඔයා මාව මේ විදිහට දැක්කම මොකද හිතෙන්නේ.. "

" ඒක අමුතුයි නිසල්.. ඔයා දන්නවා මම මගේ ජීවිත කාලෙම කැමැත්තෙන් හිටියේ ගෑනු ලමයෙක්ට.. මට පිරිමි ලමයි ගැන හැගීම් තිබ්බේ නෑ.. ඒත් එදා රෑ ඒ ඔයා නිසාම මම පිරිමි කෙනෙක් ගැන කැමැත්තක් ඇති වුනා.. ඒ පිරිමි ලමයම මේ විදිහට දකින එක ඒක ඇත්තටම ගොඩක් අමුතු හැගීමක්.. "

My YOU ( Sinhala | BL | Complete  )Tahanan ng mga kuwento. Tumuklas ngayon