CHAPTER 23 🌱

442 56 34
                                    

ඊයේ දැනගත්ත සුභ ආරංචිය මන් ඇරෙන්න කවුරුත් තාම දන්නේ නැති රහසක්.. ඩොක්ටර් මම ප්‍රෙග්නන්ට් කියන වෙලාවේ රූම් එකේ සසින් වත් හිටියේ නැති නිසා මම මේ ආරංචිය එයාගෙනුත් හැංගුවා.. ඩොක්ටර්ටත් කියලා මම සසින්ට කිව්වා මොකුත් ප්‍රශ්නයක් නෑ කෑම බීම වෙලාවට ගන්න මහන්සි වැඩි නිසා තෙහෙට්ටුවට ඇවිත් වෙන ප්‍රශ්නයක් නෑ කියලා.. මට ඕනි වුනේ මගේ හසීගේ තෑග්ග හැමෝමවම පුදුම කරවන එකක් වෙන්න..

ඉතින් හොස්පිට්ල් එකේ ඉදන් ආපහු ගෙදර යන්න හදද්දි මම පුතා එක්ක ශොපින් යනවා කියලා සසින්ව කලින්ව යවලා පුතා එක්ක ආවා හසීව සප්‍රයිස් කරන්න ඕනි බඩු ටිකක් ගන්න.. ඇත්තටම හසී මේක දැනගත්තම කොයි විදිහට රියැක්ට් කරයිද කියන එක ගැන මම එක එක විදිහට හිතින් මැවුවා.. මගේ පුතා හම්බෙන්න ඉන්න පණිවිඩේ එයාට කියන්න බැරි වුන නිසා එයාගේ ඒ හැඟීම මට හරියට බලාගන්න බැරි වුනා.. ඒත් පුතාගේ ඩිලිවරි එකට කලින් දවසේ මාව දැක්ක ගමන් ඒ මුන වෙනස් වෙච්ච විදිහ මට අද වගේ මතකයි.. මට හිතාගන්නවත් බෑ තවත් පැංචෝ දෙන්නෙක් එක්ක මගේ මේ ලොකු දගයවයි ඒ දගයගේ අලුත් යාලුවා බනීවයි මම කොහොම බලාගන්නද කියලා..

ඕනි බඩු ටිකත් අරන් වැඩි වෙලා එලියේ ඉන්නේ නැතුව මම ටග්ගලා ගෙදර ආවා.. මම හිටියේ සතුටින්.. ඒත් ඩොක්ටර් කිව්වා වගේ මම කලින් පාරටත් වඩා මේ පාර පරිස්සම් වෙන්න ඕනි.. මට කිව්වා බඩ තද වෙන්න ඇදුමක්වත් අදින්න එපා කියලා තව මාසෙකින්.. දෙන්නෙක් පිරිමි ඇගක හැදෙනවා කියන එක ගොඩාක් රිස්කි දෙයක් නිසා කෑම කාලා තුන් දෙනෙක්ට අවශ්‍ය පෝෂනය ගන්නත් අමතක කරන්න එපා කියලා තමා මාව ඊයේ එව්වේ..

" සුදු මැනික.. "

" හසී.. ඔයා ආවද "

" ඔව් කලින් ආවා.. මොකෝ අද ගෙදර දොරත් ඇරලා දාලා.. පොඩ්ඩා දොයිද පේන්නවත් නැත්තේ.. "

" අම්බෝ ඔව් කොල්ලයි බල්ලයි දෙන්නම නිදි.. මම මේ ඩිනර් රෙඩි කරන ගමන් හිටියේ.. "

" එපා එපා ඔයා මහන්සි වෙන්න එපා.. අද කලින් ආපු නිසා මම ඒක කරන්නම්.. කෝ ගිහින් දොර වහලා ඉදන් ඉන්නකෝ මම වොශ් එකක් දාන් එන්නම්.. "

My YOU ( Sinhala | BL | Complete  )Where stories live. Discover now