CHAPTER 24 🌱

609 66 52
                                    

Hasi's POV

" අනේ මගේ රත්තරනේ තව කටක් කමුකෝ අපි "

" අනේ හසී මට අප්පිරියයි දෙයියනේ.. කාපු ටිකත් වමනෙට එනවා.. "

" අනේ දැන් කෝමද කියන්නකෝ ලමයි දෙන්නෙක්ව ඔහොම නොකා ඔයා වදන්නේ.. "

" අනේ ඔයාට තේරෙන්නේ නෑ.. මට- "

" සුදූ දුවන්න එපා.. ඔහොම ඉන්න වමනෙ ගියාට කමක් නෑ.. "

බ්වෑක්.. බ්වෑක්..

නිසල්ගේ බඩට මාස තුනක් වෙලත් තාම එයාට හරියට කන්න බෑ.. දැනුත් මම වද කරලා බත් කටවල් පහක් කැව්වා.. ඒකත් අනිත් අතට වමනේ කරනවා.. ඒ අස්සේ බඩ ගෙඩියත් උස්සන් දුවන එක තමා බලන් ඉන්න බැරි.. මම බින් එකක් ලගින් තියලා දුවන්නේ නැතුව ඒකට වමනේ කරන්න කිව්වම එයා ඒකට කැමති නෑ මම ජරාව අල්ලනවා කියලා..

මමත් එයා දුවන් හැම සැරේම එයා පස්සෙන් දුවලා එයාව වාරු කරන් පිටයි පපුවයි අතගානවා.. මගේ කොල්ලාගේ බඩ ගෙඩිය පැටව් දෙන්නා නිසා දැනටමත් ටිකක් ලොකුයි.. එහෙම වෙද්දි කන්නේ බොන්නේ නැතුව එයාට කොයි තරම් අමාරුද ඒක..

" මගේ රත්තරනේ මම ලග ඉන්නවා.. බය වෙන්න එපා මයෙඅම්මා.. "

" අනේ හසී.. මට බෑ හසී... "

" හරි මගේ මැනික දැන් ඉවරයි කෝ එන්නකෝ ඇදට යමු.. "

මම එයාව උස්සන් ඇදට ආවා මොකද වමනේ දාලා දැන් එයාගේ කකුල් වලට පනත් නෑ..

" මගේ රත්තරනේ මට සමාවෙන්න... "

" අනේ හසී ඒක හිතන්න එපා.. ඕනිම අම්මා කෙනෙක්ට මෙහෙමයි.. මේක තව ටික දවසකින් හරි යයි.. අපේ පුතා හම්බෙන්න ඉද්දි මීට වඩා අමාරු වුනා මට.. "

" උබ කොහොමද බන් තනියම දරාගත්තේ.. "

" තනියම නෙවෙයිනේ හසි.. මම එතකොට ගෙදර නෙවෙයිනේ වැඩි හරියක් හිටියේ හොස්පිට්ල්.. ඉතින් නර්ස්ලා අපේ අම්මයි අප්පච්චි හැම තිස්සෙම ඉන්නවා.. ඒක පලවෙනි අත්දැකීම නිසා මම බය වෙලා හිටියේ ඒත් දැන් දෙන්නෙක් හම්බෙන්න නිසා ඊට වඩා බය වෙලා ඉන්නේ.. "

" බය වෙන්න එපා මම ඉන්නවා.. ඒ කාලේ කරගන්න බැරිවුන හැමදේම මම කරනවා.. "

My YOU ( Sinhala | BL | Complete  )Where stories live. Discover now