17.

133 22 9
                                    

“ ජන්ග්කුක්! ජන්ග්කුක් මේ දොර අරිනවා!! ජියොන් ෆකින් ජන්ග්කූක්ක්!!! ”

උදේ පාන්දරම කවුරුහරි ජන්ග්කුක්ගේ ගෙදර දොරට මහ හයියෙන් ගහන ගමන් කෑගහනවා. මින්ජිවත් හොඳට තුරුල් කරගෙන සැප නින්දක හිටපු ජන්ග්කුක් ඒ සද්දෙට උඩ ගිහින් ඇහැරුනා.

“ අහ් ම්… ”

ජන්ග්කුක් නිදිමතේම ඇහැකුත් පොඩි කරන ගමන් ඇඳෙන් වාඩි උනා. කටත් ටිකක් ඇරගෙන තාම නිදාගෙන ඉන්න මින්ජි දිහා බලපු ජන්ග්කුක් ලාවට හිනා වෙලා බෙඩ්ශීට් එකෙන් එලියට පෙනුන මින්ජිගේ උරහිස වැහෙන්න ෂීට් එක හරියට හැදුවා.

“ කුකී…”

මින්ජි තාමත් ඇස් අරින්න බැරි තරම් නිදිමතේ... ගොඩාක් කාලෙකට පස්සෙ මින්ජි එක්ක ලස්සන රැයක් ගත කරන්න හම්බ උන ජන්ග්කුක්ට ඊයේ රෑ මතක් වෙලා ආයෙම තනියම හිනාවක් ගියා.

“ ගුඩ් මෝනින් මින්ජියා…”

“ ම්.. මෝනින්…. කවුද අනේ මේ උදේම හ්?”

“ අනේ මංදා. ඔයා ඔහොම තව ටිකක් නිදා ගන්නකෝ. මං ගිහින් ඉක්මනට බලලා එන්නම් ම්…”

තාමත් ඇස් දෙක පියාගෙන ඉන්න මින්ජිගේ මූණට පාත් වෙලා නළලින් කිස් එකක් තියපු ජන්ග්කුක් ඊයේ රෑ ඔහේ පැත්තකට විසි වෙලා තිබ්බ එයාගෙ ඇඳුම් අතරින් ශෝට් එකක් හොයාගෙන ඒකත් ඇඳගෙන ඇඳෙන් බිමට බැස්සා.

“ ලව් යූ මයි මින්ජියා..”

“ ම්.. මී ටූ…”

ලස්සනට හිනා වෙලා මින්ජිගේ කොන්ඩේ අවුල් කරපු ජන්ග්කුක් ලොකු ඈනුමක් අරින ගමන් කාමරෙන් එලියට ආවා. ඒත් හීමීට පඩිපෙළ බැහැගෙන පල්ලෙහාට එන ගමන් මතක් වෙච්ච එක දෙයක් නිසා ජන්ග්කුක් එහෙම්මම නතර උනා.

“ කවුද අපේ ගෙදර ගේට් එකේ පාස්වර්ඩ් දන්නෙ!?”

හදිසියේම මතක් උන ඒ කාරණාව එක්ක සෑහෙන්න කලබල උන ජන්ග්කුක් පඩිපෙළ දිගේ ලිස්සලා වගේ බැහැගෙන බැහැගෙන ගියා.

“ ජන්ග්කුක්! මං මේකේ ලොක් එක කඩාගෙන ඇතුලට එන්න කලින් හොඳ හිතින් මේ දොර ඇරපන්!”

You've reached the end of published parts.

⏰ Last updated: Apr 14 ⏰

Add this story to your Library to get notified about new parts!

Mess  |JJkWhere stories live. Discover now