08.

162 28 11
                                    

ජන්ග්කුක් හිටියේ ගෙදර විසිටර්ස් රූම් එකේ ඇඳට වෙලා. ජන්ග්කුක් ඇඳ විට්ටමට හේත්තු වෙලා එයාගෙ අතේ තියෙන බිඳුන ෆෝන් එක දිහා බලාගෙන හිටියා. ෆෝන් එකේ ඩිස්ප්ලේ එක කෑලි කෑලි වෙන්නම කුඩු වෙලා ගිහින් තිබ්බා. මින්ජිගේ ෆෝන් එක …

මින්ජි පඩිපෙලෙන් වැටුන වෙලාවේ ෆෝන් එකත් බිම වැටිලා තිබ්බේ කුඩු වෙන්නම. ෆෝන් එක අහුලපු ෆැෂන් ඩිසයිනින් සෙන්ටර් එකේ ස්ටාෆ් කෙනෙක් පස්සෙ ජන්ග්කුක්ට ෆෝන් එක බාර දුන්නත් මෙච්චර කල් ජන්ග්කුක්ට ඒ ගැන මතක් උනේ නෑ. ජන්ග්කුක් ලාච්චුවක් අස්සට දාලා තිබ්බ ෆෝන් එක අහම්බෙන් වගේ ආයෙත් හම්බඋනාම ජන්ග්කුක් ෆෝන් එකත් අරගෙන ගිහින් ඇඳෙන් වාඩි උනා.

ජන්ග්කුක් ෆෝන් එක ඔන් කරන්න උත්සාහ කලත් ෆෝන් එක ඔන් උනේ නෑ . ජන්ග්කුක්ගේ ඇඳ ගාව තිබ්බ ෆ්ලග් පොයින්ට් එක ගාවම බිම වැටිලා එතිලා , පැටලිලා , ගැටගැහිලා ගිහින් තිබ්බ ෆෝන් චාජර් එකේ යන්තම් අගයි මුලයි හොයා ගත්ත ජන්ග්කුක් ෆෝන් එක චාජර් එකට ගැහුවා.

විනාඩි පහක් විතර බලාගෙන හිටපු ජන්ග්කුක් ආයෙත් ෆෝන් එකේ පවර් බට්න් එක එබුවාම ෆෝන් එක පොඩි මියුසික් එකක් එක්ක ඔන් උනා.

" අනේ… "

බිඳිලා ගිහින් වීදුරු කෑලි අතරින් ලොක් ස්ක්‍රීන් එකේ තිබ්බ ෆොටෝ එක දැකපු ජන්ග්කුක්ට හීල්ලුනා . ජන්ග්කුක්ගේ ඇස් වලට කඳුළු පිරුනේ ජන්ග්කුක් හිතන්නත් කලින්.

මින්ජිගේ ලොක් ස්ක්‍රීන් එකේ තිබ්බේ ජන්ග්කුක්ගේ ෆොටෝ එකක් . ජන්ග්කුක් මින්ජිව එයාගෙම කර ගත්ත දවසේ, ජන්ග්කුක්ගෙයි මින්ජිගෙයි වෙඩින් එක දවසේ මින්ජි ගත්ත ජන්ග්කුක්ගේ ෆොටෝ එකක්…

ෆෝන් එකේ බිඳුන ස්ක්‍රීන් එකෙන් පේන තමන්ගෙම ෆොටෝ එක දිහා බලාගෙන හිටපු ජන්ග්කුක් ලොකු හුස්මක් පහලට දාලා ෆෝන් එක ආයෙත් ඕෆ් කරලා බෙඩ් ටේබල් එක උඩින් තිබ්බා.

ජන්ග්කුක් ඇඳ උඩ දිගා වෙලා ඇස් දෙක් පියා ගත්තා . රෑටත් හරියට නින්දක් නැති නිසා ජන්ග්කුක්ට දැනුනේ ලොකු තෙහෙට්ටුවක්. ජන්ග්කුක්ට ලාවට නින්ද යාගෙන එනකොටම කාමරේ වහලා තිබ්බ දොරට ටිකක් හයියෙන් තට්ටු කරන සද්දයක් ඇහුනාම ජන්ග්කුක් උඩ ගිහින් ඇහැරුනා.

Mess  |JJkWhere stories live. Discover now