10.

169 32 13
                                    

“ ජන්ග්කුක් සර්…”

ලිවින්ග් රූම් එකේ සෝෆා එකට වෙලා ඔහේ කල්පනා ලෝකෙක ගිලිලා හිටපු ජන්ග්කුක් ජීහාගේ කටහඬට ගැස්සිලා ඒ පැත්ත බැලුවා.

“ ජීහා?”

“ ජන්ග්කුක් සර්ට කරදරයක් නැත්තම් මම අද ටිකක් කලින් ඕෆ් වෙන්නද? මින්ජි මිස් නන් බෙහෙත් බීලා නිදාගත්තා. ආයෙත් බෙහෙත් බොන්න තියෙන්නේ රෑට..”

ජීහා එහෙම ඇහුවම ජන්ග්කුක් ජීහා දිහා බලාගෙන ඇහි බැමි දෙක ඉස්සුවා.

“ එක පාරටම කලින්? මං ඇහුවේ මේ.. මොකුත් කරදරයක්…”

“ අහ්! අනේ එහෙම මොකුත් නෙවෙයි සර්. ම්… ඇත්තටම මට කෙනෙක්ව මීට් වෙන්න යන්න තියෙනවා. මම දන්නවා මින්ජි මිස් සර් එක්ක... ඒත් කමක් නැත්තම් විතරක්… ප්ලීස්.”

ජීහා හිනා වෙලා එහෙම කිව්වම ජන්ග්කුකුත් ජීහාට ලාවට හිනා වෙලා ඔළුව වැනුවා.

“ ඉට්ස් ඕකේ. ජීහා යන්න… මින්ජි මගේ වයිෆ්. අමාරුවෙන් උනත් මම එයාව බලාගන්න ඕනනේ ”

“ තැන්ක් යූ සෝ මච් සර්… මින්ජි මිස්ගේ බෙහෙත් ටික මම මිස්ගේ ටේබල් එක උඩින් තියලා ඇති”

“ ඕකේ. මම ඒක දෙන්නම්. තැන්ක් යූ…”

ජීහා ගියාට පස්සෙ ජන්ග්කුක් ලොකු හුස්මක් පහලට දාලා ආයෙත් සෝෆා එකට හේත්තු උනා. ජීහා ගිහින් පැය බාගයක් විතර නිශ්ශබ්දවම ගෙවිලා ගියා…

“ ජීහා… ඔයා ඉන්නවද?!!”

ජන්ග්කුක්ට එක පාරටම උඩ තට්ටුවෙන් ඇහුනේ මින්ජිගේ කටහඬ. ජන්ග්කුක් සෝෆා එකෙන් ඉස්සිලා උඩ තට්ටුව පැත්තට බෙල්ල දික් කලා. මින්ජි ඇහැරිලා! ජන්ග්කුක්ගේ ඇස් පුදුමෙන් ලොකු වෙලා හුස්මත් හිරවෙන්න වගේ ආවා. ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ මින්ජි මෙහෙම සද්දෙට කතා කරනවා ජන්ග්කුක්ට ඇහුන පළවෙනි වතාව…

“ ජීහා නෑ කියලා මින්ජි දන්නේ නැද්ද එතකොට…”

ජන්ග්කුක් එයාටම මුමුණගන්න ගමන් උඩ තට්ටුවට යන්න කකුල පඩිපෙලෙන් තියලා ආයෙත් කකුල ආපස්සට ගත්තා.

“ මින්ජි මාව දැකලා කලබල උනොත්…”

“ ජීහා… ආහ් හෙල්ප් මී!!”

Mess  |JJkWhere stories live. Discover now