07.

173 28 23
                                    




“ ලයිට්ස්!  තව ටිකක් ලෙෆ්ට් සයිඩ් එකට… ඕකේ. වෙල්… හෙඩ් ලයිට් එක ඩෙරික්ට ෆෝකස් කරන්න ටෝනි. ආ රයිට්. ගුඩ්”

ටේ ෂූට් එක යන තැන හිටපු එයාගෙ ටීම් එකේ කොල්ලෙක්ගේ පිටට තට්ටුවක් දාලා ටිකක් එහාට උනා. ඩෙරික් උස ස්ටූල් එකකින් වාඩි වෙලා ටේ දිහා බලාගෙන හිටියා.

“ මගේ මේකප් ආටිස්ට් එක පාරටම ලෙඩ උන එක නන් අපරාදයක්. කෝ මේ එනවා කිව්ව අලුත් එක්කෙනා? ආහ්…  මට අනිත් අයව සෙට් වෙන්නේ නෑ මිස්ටර් ටේහියොන්”

ඩෙරික් එහෙම කිව්ලා නහයෙන් අඬන්න ගත්තම ටේ කලිසම් සාක්කුවකට අතක් දාගෙන වුවමනාවට එපාවට වගේ ඩෙරික් දිහා බැලුවා .

“ නතින්ග් ටු ඩූ මිස්ටර් ඩෙරික්. වැඩක් කරනකොට එන විදිහට මූණ දෙන්න වෙනවා”

ටේ ඩෙරික්ව එච්චර ගනන් ගන්නේ නැතුව ෆෝන් එක සාක්කුවෙන් ඇදලා එළියට අරගෙන ඒකට මූණ ඔබාගත්තා.

“ සර්, ඩෙරික් සර්ගේ මේකප් ආටිස්ට් ඇවිල්ලා. එයාට එන්න කියන්නද?”

ටිකකින් ටේගේ ටීම් එකේ ගර්ල් කෙනෙක් එතනට ඇවිල්ලා එහෙම ඇහුවම ටේ ඒ ගර්ල් දිහා බලන් ඔළුව හෙලෙව්වා . ටේ වගේම ඩෙරිකුත් දොර දිහා බලාගෙන හිටියේ අද ඩෙරික්ට මේක්අප් කරන්න එන අලුත් ආටිස්ට් කවුද කියලා දැනගන්න.

“ ෆක් උඹ?!”

අලුත් මේකප් ආටිස්ට් කවුද කියලා දැක්කම ටේට ඉබේම කියවුනා. ජිමින් ටේව ගනන් ගන්නේ නැතුව ඩෙරික් වාඩි වෙලා හිටපු තැනට ඇවිල්ලා එයා ගෙනාපු මේකප් බොක්ස් එක එතන තිබ්බ මේසෙන් තිබ්බා.

“ ඕහ්… ජිමින්! වට් ද හෙක්? ඔයා මොනවද මේ මේකප් එක්ක කරන්න හදන්නේ? ”

ඩෙරික් ඇහුවත් ජිමින් ඒක ඇහුනේ නෑ වගේ බොක්ස් එක ඇරලා ෆවුන්ඩේශන් එකක් එක්ක මේකප් බ්‍රෂ් එකකුයි ස්පොන්ජ් එකකුයි අතට අරගත්තා.

“ යෝ මිස්ටර් ජිමින් …”

ජිමින් ඩෙරික්ට මොකුත් නොකියම ෆවුන්ඩේශන් එකේ ස්පොන්ජ් එක පොඟවලා ඩෙරික්ගේ කම්මුලක් උඩින් තිබ්බා. ඩෙරික් ඇස් දෙක ලොකු කරගෙන ජිමින් දිහා බලාගෙන හිටියා.

Mess  |JJkWhere stories live. Discover now