01.

405 36 37
                                    




" අපි තැනට ආවා මිස් "

වාහනේ වේගය අඩු කරන ගමන් ටැක්සි රියදුරෙක් එහෙම කිව්වෙ ටැක්සි එකේ පිටිපස්සෙන් වාඩි වෙලා හිටපු තරුණ ගෑනු ළමයාට.

" ඕකේ. ඔතන ඉස්සරහින් නතර කරන්න."

මින්ජි උත්තර දුන්නේ ටිකක් විතර කලබලෙන්.

" හරි මිස්"

එහෙම කියපු රියදුරා පාරේ අයිනට කරලා වාහනය නතර කලා. සුපුරුදු විදිහට උදේ දහය විතර වෙනවත් එක්කම සෝල් නගරයේ තිබුනේ ලොකු කලබලකාරී ගතියක්.

" තැන්ක් යූ. මෙන්න ඔයාගේ ගාන "

මින්ජි ඉක්මනින් එයාගේ හෑන්ඩ් බෑග් එක එල්ලගෙන උකුලේ තිබ්බ ෆයිල් ටිකත් අතට අරගෙන ටැක්සි එකෙන් බැස්සා. මින්ජි බැහැපු තැන ඉස්සරහ පේන්න තිබුණෙ නවීන පන්නයේ දැවැන්ත ගොඩනැගිල්ලක්.

' GOEN.J. '

තට්ටු බර ගානක් තිබ්බ උස බිල්ඩින් එකේ මැද හරියට වෙන්න දීප්තිමත් විදිහට කැපිලා පේන නාම පුවරුව දිහා මින්ජි ටික වෙලාවක් බලාගෙන හිටියා .

"හ්ම්හ්..."

අතේ තිබ්බ ෆයිල් ටික හොඳට පපුවට තද කර ගත්ත මින්ජි පුලුවන් තරම් අඩිය ඉක්මන් කරලා ඒ බිල්ඩින් ඇතුලට ගියේ වටේ පිටේ ඉන්න කිසිම කෙනෙක් දිහා බලන්නේ නැතුව .

' දඩස් '

" ඔහ් ! "

" ආ..හ් !! "

ඇවිදගෙන ආව විදිහට අන්තිමට මින්ජි නතර උනේ කාගෙද ඇඟක හැප්පිලා. හැප්පුන වේගෙට මින්ජිව පැත්තකට විසි වෙලා ගිහින් වැටෙන්න ගියත්, එයාගේ ඇඟේ වැදුන අනිත් කෙනා ඉක්මනට මින්ජිගේ අතකින් අල්ලගෙන එයාගේ පැත්තට ඇදලා ගත්තා.

ඇදලා ගත්ත වේගෙට පාරට මින්ජිගේ ඔළුව ගිහින් හයියෙන්ම ඒ කෙනාගෙ නිකටේ වැදුනා. ඇත්තටම මින්ජිගේ නළල තිබ්බේ ඒ කෙනාගේ නිකට හරියට වෙන්න...

" ෆක්! මගේ දත් ටික !! "

ඒ වැදුන පාරට හැප්පුන අනිත් කෙනාට හොඳ වචනෙකුත් කියඋනා.

එයාට හුරු පුරුදු කට හඬක් ඇහුන නිසා මින්ජි ඉක්මනට ඔළුව උස්සලා බැලුවා. මින්ජිගේ ඇඟේ හැප්පිලා තිබ්බේ කඩවසම් පෙනුමක් තිබ්බ පිරිමි ළමයෙක්. ඒ පිරිමි ළමයාත් එක අතකින් එයාගෙම නිකට අත ගාගන්න ගමන් තාමත් එයාගෙ අනිත් අතේ එල්ලිලා ඉන්න කෙල්ල දිහා බැලුවා .

Mess  |JJkWhere stories live. Discover now