තිස් දෙවන මන්දාරම 🍁

Start from the beginning
                                    

හොර කොල්ලා බොරුවට නිදි වගේ ඉදලා අම්මා අද එයාව අම්මා ලගින් තියාගන්නවා කියල කිව්වා විතරයි මේක ඔලුවත් උස්සල කෑ ගැහුව " බෑ " කියලා ..

" මේ හොර කොල්ලා .. නිදාගෙන නෙවෙයිද හිටියෙ .."

මීණු මූණත් පුම්බගෙන මගේ අතේ ඉදන්ම බෑ කියල කෑ ගහද්දි අම්මා ඇවිත් මීණු පුම්බගෙන ඉන්න මූණෙ නහය මිරිකලා ඇහුවෙ හිනාවෙවී .. අපි තුන්දෙනාටම හිනා ඉතින් ..

" හරි හරි .. චූටි මැණික දැන් මං අතට එන්න .. අද රෑ චූටි මැණික මාත් එක්ක ඉමු .. හොදද .."

" අනේ බෑ ..! මටත් ඕනි අම්මයි අප්පච්චියි එක්ක ඉන්න .."

හෝල් එකෙන් පිටත් වෙන්න සූදානම් වෙද්දි වගේම මේ දැනුත් ආච්චි අම්මයි මුණුබුරයි දෙන්න එක්ක වලියක් පටන් ගන්නයි ලෑස්තිය .. අම්මා මීණුට එයා එක්ක රෑට ඉන්න කියද්දි මීණු මගේ අතේ ඉදන්ම කෑ ගහනවා එයාට ඕන මායි අයියයි දෙන්න එක්ක ඉන්න කියලා ..

" අනේ චූටි මැණික .. අම්මයි අප්පච්චියි දෙන්න මහන්සියෙන්නෙ ඉන්නෙ අද විතරක් ආච්චිත් එක්ක ඉදලා හෙට අම්මයි අප්පච්චියි දෙන්න එක්ක ඉමු .. හා නේද .."

අම්මා මීණුගෙ කම්මුලකින් අත තියාගෙන කියද්දි මීණු හිටියෙ මූණ බෙරි කරගෙන හරියට නිකන් අඩන්න වගේ .. පව් අනේහ් මගෙ කොල්ලා .. අම්මට ඕනි වෙලා තියෙන්නෙම කොහොමහරි මාවයි අයියවයි දෙන්නව එක කාමරේකට දාන්න වගේ .. හැබැයි ඉතිම් මීණු එක්කනම් අම්මට ලේසි නෑ .. මාත් පොඩ්ඩක් පොහොර දාන්න ඕනි මීණුව අපි එක්ක තියාගන්න ..

" මීණුව අපි එක්ක තියාගන්නම් අම්මා .."

" ඒත් චූටි පුතා..."

අම්මා ඒත් කියල ආයෙ දෙයක් කියන්නයි ලෑස්ති වුනේ .. ආයෙ මොන ඒත් මේත්ද අනේ .. මීණු අපි එක්ක ඉන්න එක තමයි හොඳ ..

" පුතා අපි එක්ක ඉදී අම්මා .. මහන්සී .. අපි යනවා කාමරේට .. ඔයත් ගිහින් නිදාගන්න .."

අපි තුන්දෙනාගෙ කතාව අහගෙන හිටිය එයා අන්තිමට තීරණයක් දුන්නා .. එයාගෙ තීරණේ එයා කිව්වට පස්සෙ ඉතින් කව්රුත් ආයෙ ඒකට මොනවත් කියන්න යන්නෙ නෑ කියල දන්න නිසාම මං තේරුම් ගත්ත මීණු අද ඉන්නෙ අපේ ලග කියලා ..

මන්දාරම් අහස යට || TK Nonfic ♡Where stories live. Discover now