තුන්වන හේෂාවරය ❯❯

25 5 1
                                    

අත්තම්මා... අර මොකාද අනේ..."

දම්ම දම් පාට විච්ච දං පිරුණ අත්තක් කඩාගෙන ඒකෙ ගෙඩිය ගෙඩිය චුට්ටන් බට්ටිති පැට්ට වගේ කකා අත්තම්ම එක්ක සිරික්කිය දාන් වත්තෙ ඇවිදින ගමන් හිටියෙ. රසායි. මීට කලිනුත් එක පාරයි කෑවෙ. ඒකත් මෙහෙන්මයි.

ඒ එක්කම වගේ තමා දැක්කෙ වත්තේ අයිනකට වෙන්න ටිකක් ලොකුවට හැදිල තිබ්බ කලුවර ගහක් යට ඉන්න අමුතු සතෙක්ව.

කලු පාට ටිකක් විතර දිග පූසෙක්ගෙ වගේ හැඩරුවක් තිබ්බ ඌ අපේ සද්දෙටද මන්ද මේ පැත්ත බලන් ඉදල කැලේට දිව්ව. ඒත් ඌ පූසෙක් නම් නෙවෙයි. ඌට තිබ්බෙ මහ හොර බැල්මක්. මහ භයානක පාටයි.

සුදු පුතා ඒ කොළ දිවියෙක්.. සාමාන්‍යන් එන්නෙ නම් රෑට හැබැයි.. මෙහේ පූසො හදන්න බෑ ඌ නිසා.. "

ඔහ්.. අහල තිබ්බට දැක්කෙ අද. එයාල පූසන්ව අල්ලන් යනව කියනව. ඇත්තද නම් දන්නෑ ඉතින්.. අත්තම්මත් කියන්නෙ ඒමනෙ. ලස්සනකුත් තියේ හැබැයි උන්ගෙ.

ආදරණීය සත්තු මෙහේ හරීයට සුලභයි.. ඊයෙ දවල් නයෙකුත් දැක්කද කොහේ මයෙ හිතේ.. තව මිනිස් අශ්ව පැටවුනුත් ඉන්නේ. තව මීයෙකුයි දඩු ලේනෙකුත් ඉන්නෙ උන්ගෙ වැඩ වලටම ගිලිල.

ඉතිම් යුවාන් යුගාන් ඩබල ගේ අස්සෙ. උන් එලි බහින්නෙ දවල්ටලු නාල කාල එහෙම. සීය ආතා ගිහින් පල්ලෙහ වත්තේ වැඩ වලට. ඒකෙ එළවලු ජාති වවලලු තියෙන්නෙ සීයගෙ අත් දෙකෙන්ම... නොවුනත් වැඩකරන අය දම්මල. ඒම තමා හාමු මහතයල. මේකට හේතුව සීයා ආස නෑලු කඩෙන් එලවලු ගේනවට.තව ඉතින් කුඹුරකුත් තියෙන නිසා හාල්වත් පිටින් ගේන්නෑනෙ.

සුදු පුතා... උබට ඕන්නම් අරුන් දෙන්න එක්ක ගම වටේ රවුමක් එහෙම දාල එන්න.. හැබැයි මට ශුවර් නෑ උන් දෙන්න නම් ගම ගැන දන්නවයි කියල.."

එලියෙ පුටුව උඩට වෙලා පොතක් කියව කියව හිටපු නැන්දා මන් ඒ හරියට යද්දි මන් දිහා බලල සෝක් අදහසක් මගෙ ඔලුවට දැම්ම.. ආයෙ පස්සෙ හිනාවෙවී ඩබල ගැන කියද්දි ඇත්ත වෙන්නැති කියලත් නොහිතුනාම නෙවේ.. උන් දෙන්නම සතියෙ දවස් තුනක් ගෙයින් පිට. අනිත් දවස්වල නැගිටින්නෙත් කන වෙලාවට. ඉතින් මුන් ගම ගැන දන්නවද කියලත් සැකයි.

You've reached the end of published parts.

⏰ Last updated: Apr 10 ⏰

Add this story to your Library to get notified about new parts!

𝗛𝗘𝗦𝗛𝗔𝗪𝗔𝗥𝗔 ❯❯ ⁿᵒⁿᶠⁱᶜWhere stories live. Discover now