පළමු හේෂාවරය ❯❯

75 10 9
                                    

●●●




අත්තම්මා... මන් ආවා..."

කොළඹ ඉදන් ටිකක් දුරින් තිබ්බෙ අපේ අත්තම්මගෙ ගෙදර. මන් ගොඩක් මෙහෙට ආස නැති උනාට මන් ආසයි අත්තම්ම එක්ක ඉන්න.

මේක වලව්වක්.. ඒත් මෙහේ වලව් මානේ ඔලුවට ගහපු උන් නෑ.. ආත්තම්ම විතරයි අඩුම මෙහෙ ඔසරියක්වත් පටලන් ඉන්නෙ. සීයා ආත නම් සුදු සරමට කලු ශර්ට් එක ඇදන් කොණ්ඩෙ තෙල් ගාල පීරල ඉන්නව.

වලව්ව කියන නම ගෙදර උන්වත් කියන්නෑ.. ඒත් සමහරු  දන්නෙ නම් දේවනායක වලව්ව කියල තමා..

මෙහේ කැමැත්තෙන්ම ආවෙ කොළඹ ඉදන් නන්ගි එක්ක එහේ කෙහෙවලු පටලගන්නවට වඩා අත්තම්මාගෙන් කොසුපාර කනව දාහෙන් සම්පතක් නිසා...

අද උදේම කොළඹින් පිටත් වුනේ. දැන් නම් දෙක පහුවෙලා. අප්පච්චි මාව ගෙනත් ඇරලුව. ආපු ගමන් අත්තම්මගෙ කරේ එල්ලුන ඉතින් කෝල පැටියෙක් වගේ... ඒක මගෙ පුරුද්ද. ඉස්සර ඉදන්ම.

හම්මො... සුදු පුතේ.. උඹ හදන්නෙ මේ නාකි ගෑණිගෙ කොන්ද කඩන්නද..."

අත්තමට හැට පැන්නත් තාම ඉන්නව මයෙ වයස කෙල්ලෙක් වගේ. කෙල්ලෙක්ටවත් නැති ෆිට් එකක් තියෙන්නෙ එයාට.

අම්මා... ලොකූ මුරණ්ඩු උනොත් කියන්න... එහේ හිටියොත් මූ මොනාකර ගනීද දන්නෑ... ඒකයි එක්කන් ආවෙ..."

ඕන්... ඕන්... අප්පච්චි... ඔයානම් මහ නරකයි අප්පා. අත්තම්ම දන්නව එයාගෙ චූටි පුතාගෙ හැටි... ඔයා කියන්න ඕනි නෑ...

සුධීර උබ පලයන්...මයෙ කොල්ල ගැන මන් දන්නව හොදට... නේද කොලුවෝ..."

හුම්ම්... අත්තම්ම තමා හොදම.. මන් අත්තම පිටිපස්සෙන් බදන් උරහිසෙන් නිකට තියන් පැද්දි පැද්දි හිටියෙ අප්පච්චි මට රවද්දි.
මන් බයවෙයි ඔය රැව්මට.

අත්තම්ම මටම කියල කාමරයක් වෙන් කරල තිබ්බෙ. ඒකෙන් මගෙ බෑග්ටික තියල නාන කාමරේට නොයා එලියෙ ළිදට ගියා වෙනසකටත් එක්ක.

කොළඹදි අපි ගේ අස්සෙමයි.. මිදුලක් නෑ මලක්වත් හිටෝ ගන්න. මෙහේ ගෙදර අක්කර දහයක දොලහක ඉඩක් තියේ...

𝗛𝗘𝗦𝗛𝗔𝗪𝗔𝗥𝗔 ❯❯ ⁿᵒⁿᶠⁱᶜWhere stories live. Discover now