දෙවන හේෂාවරය ❯❯

57 7 2
                                    


◦◦◦

දැන්නම් හොදටම ඉර පායල තිබ්බ නිසා මුලු වත්තම හොදට බලාගන්න පුලුවන්.. මීදුම ලාවට තිබ්බත් ඒක දැන් අඩු වේගෙන පහල තැන්න ලස්සනට පේනව. යුගානුත් මාත් එක්ක අත් වැටට බර වෙලා කියෝ කියෝ හිටිය මෙච්චර වෙලා..

මිනිහ ටිකක් සයිලන්ට් කෙනෙක් උනත් මන් අහපු දේවල් වලට උත්තර දුන්නයස අගේට..
මිනිහට තියෙන්නෙ අමුතු බැල්මක්. මාමගෙ වගේ අමුතු හැන්ඩ්සම් සීතල පෙනුමක් ඌට තියෙන්නෙ..

යුවාන් නම් කච කචයක්. ඒක ඊයෙ තේරුනා.. ඒත් උගෙත් අමුතු බැල්මක් යුගාන්ට වගේ තියේ... යුගාන්ට තරම් සීතල පෙනුමක් නම් නෑ.. ඌ නැන්දා වගේ. අහින්සකයි කියල හිතෙනව දැක්කම.

යුගාන්ට රේස් පැක්ටිස් නැති දවසට යුවාන් උදේ නවයට වගේලු නැගිටින්නෙ.. ජොබ් කරන්නෑ මුන් දෙන්නත් මන් වගේ.. රේස් පදින්නෙත් ආසාවටලු.. රේස් වලට ගියත් යුවාන් කරන්නෙ යුගාන් එනකන් කෙල්ලො ටෝක් කරනවලු.. ඌ යුගාන් එක්ක යන්නෙම ඒකලු.. මුන් දෙන්නම උසස් පෙළ පාස් උනත් කැම්පස් යන්නෑලු.. කැම්පස් යන්න කම්මැලීලු..

යුගාන් මට කියපුව තමා ඉතින්... තව කල් ඉන්නවනෙ මුන් ගැන හොදහැටි දැනගතෑකි. හදිස්සි වෙන්න ඕනි නෑහ්... ඒ එක්කම මතක් උනේ උදේ දැක්ක කොල්ලව. යුගාන්ගෙන් ඇහුවොත් ඌ දන්නව ඇති..

යුගා~"

යුගාන්... යුගාන්..."

මන් කතාකරන්න ගියත් සීයා ආතා යුගාන්ට කතා කරානෙ... මන් මොකක් හරි දැනගන්න හරි කතා කරන්න හරි ගියොත් තමා ඔක්කොටම කැසිල්ලක් එන්නෙ...
එපා වෙනව..

යුගාන් ගියාට පස්සෙ මන් තව ටිකක් වෙලා ඉදලා ගේ ඇතුලට යන්න ගියා. ඒ එක්කම ඇස්වලට අහුවුනේ පුංචි හාපැටවු දෙන්නෙක් එක්ක ටිකක් ලොකු හාවෙක්... ළගට යන්න හදලත් ආයෙ හැරුනෙ ඒ අහින්සකයින්ව බය කරල නිදහස නැති කරන්න ඕනෙ නැති නිසා..

ආච්චිගෙ රෝස ගහේ මල් පිරිල. සේපාලිකා මල් බිම ඉහිරිලා ගොඩාක් සුවදයි. ඒ එක්කම සද්දෙට මී මැස්සො රංචුවක් පියාඹද්දි මන් ඒ දිහා බලන් හිටිය. මේ පළවෙනි වතාව මේ වගේ දේවල් මෙච්චර ලස්සනට විදින..

𝗛𝗘𝗦𝗛𝗔𝗪𝗔𝗥𝗔 ❯❯ ⁿᵒⁿᶠⁱᶜWhere stories live. Discover now