08

607 96 119
                                    

ළමයි මම පලවෙනි චැප්ට එකේ නිරුද්ටයි මේඝවටයි දාපු ෆොටෝස් වෙනස් කලා... ගිහින් බලලා එන්න හොදද🤍

____________________________________________

ම්හ්ම්ම්ම්ම්ම්

නිදාගත්තා කියන්නේ.. ආයෙ හොඳම එකෙන් පහුගිය දවස් ගානටම හරියන්න නිදාගත්තා..

ලොකු නින්දකින් ඇහැරුනු නිරුද් එහෙමම ඇදේ හෙඩ්බෝඩ් එකට හේත්තුවෙන ගමන් අත්දෙකත් එහෙ මෙහෙ කරලා ඇඟමැලි කඩාගෙන එහෙම බැලුවේ එයා මේ ඉන්නේ කොහෙද කියලා. ඇයි ඉතින් නින්දෙන් ඇහැරුනු විනාඩි දෙක තුන කියන්නේ ඔලුව තනිකරම කෙලින්නෙ පිස්සුනෙ.. ඊටත් ඇහැරෙන්නේ ඔයාගේ රූම් එකේ ඔයාගෙ බෙඩ් එකේ නෙවෙයි නම් ඉන්න තැන ප්‍රොසෙස් කරගන්න වෙනම ගේමක් දෙන්න ඕනිනෙ!

ඉතින් නිරුද් ටිකක් වටපිට බලනකොට තමයි කොල්ලට මීටර් උනේ.. හරිනෙ! මේ පොඩි පකයගෙ ගෙදර නෙ.. දවල්ට කාලා එහෙම්මම ගෙදර නොයා උඹ කුම්බකර්ණ වගේ දපලා නිදියෑවනේ නිරුද්! ඔහොමත් හිතන ගමන් ඉබේටම වගේ ඒ ඇස් රූම් එකේ පැත්තේ බිත්තියක එල්ලලා තියෙන පොඩි බිත්ති ඔරලෝසුවක් ගාව නැවතුනා.. විතරයි,

'හු#නවනෙ දාලා.. යකෝ රෑ 8යි!'

ඉතින් නිරුද් ඇදෙන් බැස්සා නෙවෙයි කොල්ලා ඇදෙන් පැන්නා.. ගෙදර යන්නෝනි. ගර්ල්ප්‍රෙන්ඩ් මෙලහට බලාගෙනත් ඇති.. පරක්කු නිසා දැන් ඉතින් ‍යාලු කරගන්න පගාවත් අරන් යන්න එපෑනෙ! ආයිශ්!! උඹටමයි වෙන්නේ නිරුද්...

හිත හිතම කොල්ලා නිදාගන්න කලින් ගලවලා දාපු එයාගෙ ටීශර්ට් එක අරන් ඉක්මනට බෙල්ලෙන් පහලට දාගත්තා.. චාර්ජ් එකට දාපු ෆෝන් එකත් පොඩි පකයගෙ චාර්ජර් එකෙන් අන්ප්ලග් අරගත්තු නිරුද් දඩිබිඩියෙම යන්න ගියත්,

ඒ හිතුවක්කාර ඇස් අහම්බෙන් වගේ නැවතුනේ කාමරේම පැත්තක තිබුන ලොකු සෝෆා එක ලඟ..

'ඒව් පකයා නිදාගෙන ඉන්න කැත..!'

කොට්ටයක් බඩ උඩ තියාගෙන එක අතක් නවලා ඔලුව යටිනුත් අනිත් අත කොට්ටෙ උඩිනුත් තියාගෙන එක කකුලක් සෝෆා එකේ උඩ ගැට්ටෙන් තියාගෙන කොන්ද ඇඹරෙන පොසිශන් එකකට නිදාගෙන ඉන්න පොඩි එකාව දැකලා නිරුද්ගේ හිත නම් කිව්වේ එහෙම... ඒත් ඒ මූනේ ඇදුනු පුන්චි හිනාව.. නිරුද්ට පවා ගානක් නැති වුනත් නිදාගෙන ඉන්න මේඝව නිරුද්ගෙ මූනට ගෙනාවේ ඒ හිතුවක්කාර ඇස් වල ලේසියෙන් ඇදෙන්නෙ නැති විදියේ හරි ලෝබ හිතෙන හිනාවක්..

ප්‍රේමයට කාරණාWhere stories live. Discover now