03

680 125 288
                                    

බැලකනි එකෙදි දැකපු ස්ටෝරියේ අයිතිකාරයා වෙන කවුරුත් නෙවෙයි එයාගෙ 'පොඩි පකයා' කියලා දැකපු අපේ නිරුද්ට තවත් ඒ බැල්කනියට වෙලා නිකන්ම නිකන් බලාගෙන විතරක් ඉන්න බැරි වෙලා තිබුනා.. ඉතින් කොල්ලා එහෙමම එයාගෙ බැල්කනියෙක් ආයෙම ඇවිත් තිබුනේ එයාගේ රූම් එකට..

වෙන මොකටවත් නෙවෙයි.. මහ පාන්දර සීතලේ පීනන පොඩි පකයට නායකත්වයේ ගැම්ම අරන් හොදවයින් දෙකක් කියලා පූල් එකෙන් එලවලා දාන්න නිරුද්ට තිබුනෙ එසේ මෙසේ උවමනාවක් නම් නෙවෙයි කිව්වොත්, ඒක තමා ඇත්තටම හරි.

ඉතින් රූම් එක පැත්තක ගලවලා තිබුනු සැන්ඩ්ල්ඩස් දෙකත් කකුලට දාගත්තු නිරුද් සිගරට් එකක් විතරක් අරන් ඒක එයාගේ තොල් අතරෙ රඳවගන්න ගමන් ඉතුරු බොක්ස් එකම එයාගේ ස්වෙට්පෑන්ට් එකේ පොකට් එක අස්සට ඔබාගත්තා.. ඔබාගෙන කටේ තියෙන සිගරට් එකත් පත්තු කරගත්තා..

හරි දැන් කොල්ලා ලෑස්තියි එලියට යන්න...

ඉතින්, හිතුවා වගේම නිරුද්ගේ ගමනාන්තය උනේම අර පොඩි එකා පීනන පූල් එක කිව්වොත්, ඔව්!

කලින් වතුරට පැනපු පිම්ම තාමත් පූල් එකේ එහාට මෙහාට පීනන මේඝවට දැන් ඇත්තටම කිසිම අදහසක් නෑ එයා දිහා කවුරුත් බලන් ඉන්නවද කියන එක.. මොකද කොල්ලාගෙ සිහිය තනිකරම යොමුවෙලා තිබුනේ එයාගේ පිහිනීමට..

ඒත්, අපේ නිරුද්ට නම් දැන් ඇත්තටම ඉවසීමක් නැතිම තරම්.. කොහොමත් නිරුද් කියන්නෙ පොඩි කාලෙ ඉදලම ඉවසීම කියන වචනෙ වත් අදුරන එකෙක්‍යැ!

'ඇයි මේ පොඩි හුත්තිගෙ පුතාට බැරි දැන් වත් ඕකෙන් ගොඩට එන්න.. හීතලේ මැරිලා ගියාම ඒකටත් අපි එපෑ නහින්ඩ!'

නිරුද්ගේ හිත කිව්වෙම එහෙම... මේ දැන් එයත් වතුරට පැනලා පොඩි එකාව ගොඩට අරන් හිතේ තියෙන කේන්තිය යන්නත් එක්කම හොද කනේ පාරවල් දෙක තුනක් දීලා අතාරින්න නිරුද්ගේ හිත නිරුද්ටම බල කරද්දිත් කොල්ලා හිමින් හිමින් සිගරට් එක උඩට ඇද්දෙ සෑහෙනම ඉවසීමකින්!

ඒ අස්සෙන් දැනෙන හීතල.. ඇයි ඉතින් එලියට ආවා කියලා උඩට මුකුත් ඇදලද.. කොහෙද! තාම අර කලිසම් කැල්ල විතරයි නෙ ඇගටම!

ප්‍රේමයට කාරණාWhere stories live. Discover now