02

773 125 422
                                    

කේසර

කේසර නිරුද් රාජපක්ෂ

කොල්ලා කොහොමත් එයාටම දීගෙන තිබුන පැහැදිලි කිරීම සීයට සීයක්ම නිවැරදියි...

මොකද නිරුද් කියන්නේම සල්ලිකාර තාත්තෙක්ට දාව ඉපදුනු පට්ටම නසරානි පුතෙක්!

මීටත් වඩා සවිස්තරාත්මකව විස්තර කළොත්, මහේන් රාජපක්ෂ.. ඒ කියන්නේ නිරුද් ගේ අප්පච්චි. එතකොට මේ ඉන්න නහරකාරයා තමයි මහේන් රාජපක්ෂගෙ පණ.

මහේන් ගැනත් පුංචි හරි විස්තරයක් කියනවා නම්, මහේන් කියන්නේ මුතු ඇටේ බර තියපු ප්‍රබල දේශපාලන හස්තයක්! කොච්චර ප්‍රබලද කිව්වොත්, මිනිහගෙ නම ඇහුන තැනත් මිනිස්සු වැන්දේ අත් දොහොත් මුදුන් තියලා.. මිනිහා එච්චරට හොද මිනිහා!

හැබැයි මොන දේ කිව්වත් අප්පච්චිට නිරුද්ට වඩා දෙයක් තිබුනෙ නෑ.. මේ දැන් හිතුනොත් පුතන්ඩියාව බලන්න ඕනි කියන එක, අප්පච්චි තව පැයක් යද්දි රටෙන් බාගයක්ම කලඹවගෙන, ආරක්ශාවට තව වැඩිපුර ඩිෆෙන්ඩර් 10ක් විතරත් අරගෙන ඇවිත් මේ දැන් නිරුද් නැවතිලා ඉන්න හොටෙල් එක ඉස්සරහ ඉන්නත් බැරි කමක් නෑ...

අප්පච්චි කියන්නේ එහෙමට බඩුව...!

දේශපාලනය ඇතුලේ සුදු චරිත දකින්න නැති උනත් මහේන් රාජපක්ෂ කියන්නේ තමන්ගේ චරිතෙට වැඩිය කලු පැල්ලම් එකතු කරගත්තු මිනිහෙක් නෙවෙයි.. මිනිහා කියන විදියට, මිනිහා සාමාන්‍ය ජනතාවගෙන් හොරාකාලා තියෙන්නෙත් හරි සාධාරණ විදියට!

ඒත් නිරුද් ලොකු වෙද්දි නම්, අප්පච්චිගෙ නම ඉස්සරහට තිබුන කලු පැල්ලම් එන්න එන්නම වැඩි උනා කිව්වොත්, එතන වරදක් නැතිම තරම්.. මොකද නිරුද් මොනවා කලත් ඒ හැමදේම පැටවුනේ අප්පච්චිගෙ අකවුන්ට් එකට!

ඒ කියලත් මහේන් නෙවෙයි නිරුද්ට වචනයක් වත් කිව්වේ.. පණ තරම් ආදරේ කරපු ගෑනි මේ ලෝකෙන් යන්න යද්දි මහේන්ට ඉතුරු උන අවසාන වස්තුව උන නිරුද්ට මහේන්ට ගෙනත් දෙන්න බැරි වුන දෙයක් තිබුනා නම් ඒ ඉරයි හඳයි කොල්ලගෙ අම්මවයි විතරමයි!

ඉතින් අම්මාගෙ අඩුව පිරිමහන්න ඒ අප්පච්චි නොකල දෙයක් නැති තරම්!

ප්‍රේමයට කාරණාWhere stories live. Discover now