අවසන් කොටස (Part II)

Start from the beginning
                                    

"ඇයි නාහෙට අහන්නැති එකා..."

"මොකක්"

එවෙලෙහි අබිරුත් ආන්‍යාත් දෙදෙනා මුහුණට මුහුණ බලාගත්තෙ ටිකකට කලිම් ඔවුන් හරිතගෙ බයික් එක රොව්ඩන්ගෙ නිවස අසල නවතා ඇති ආකාරය දුටු නිසයි...එවෙලෙහි අබිරු තැතිගත් ආකාරයකින් ආන්‍යා දෙස බලා නැවතත් තම මුහුණෙ ඉරියව් වෙනස් කරගනිමින් රොව්ඩන්ට කතා කලේ දැන් ඔහුගෙ සිතේ මතු වී ඇති ප්‍රශ්නයට පිලිතුරු ලබාගන්නා අටියෙනුයි.....

"හරිතට මොකක්ද කලේ කියපම්...කව්ද එන්න ඉන්නෙ කියපන්..උබ මගේ මල්ලිලාට මොකක්ද කරන්න හදන්නෙ"

"අයියෝ  ලොකු පුතෙ..මට ඕන ඔයාලා තුන්දෙනා එක්ක සතුටින් ඉන්න"

"සතුටින්..උබ එක්ක හිටිය හැම දවසකම අපි හිටියෙ කවද්ද මෙතනින් ගැලවෙන්නෙ කියලා"

"එතකොට අපි එකට කෑවෙ බිව්වෙ ඒ අපි සතුටින් නෙවෙයි ද"

"අපි සතුටින් හිටියා...මොනාලි නැන්දා ඉන්නකම්"

එම නම සවනත වැටෙනවාත් සමගම රොව්ඩන් දත් මිටි කෑමට පටන් ගත්තෙ වටපිට බලමින් සිටි ආන්‍යාද දත්මිටිකන ශබ්දයට පුදුම වී ඔහු දෙස බලද්දි....

"ඔය නම මට ඇහෙන්න කියන්නෙපා...ඔය ගෑනි තමා උබලා තුන්දෙනාව මගෙන් ඈත් කරේ"

"අපි උබ වගෙ මනුස්සයෙක් එක්ක හැදෙන්න හොද නැති නිසයි නැන්දා එහෙම කරේ"

"කටපියාගනින්"

"මම නෙවෙයි උබ කටපියාගනින්...මන් අහපු එකට උත්තර දීපන්...කෝ මගේ මල්ලිලා..මොකක්ද උබ මේ කරන්නෙ"

"පලිගන්නවා"

"උබට මම"

අබිරු අත් මිටි මොලවාගෙන රොව්ඩන් වෙතට පැන රොව්ඩන්ගේ කොලරයකින් අල්වාගෙන බිත්තිය වෙත හිර කලත් සමගම රොව්ඩන් ඉතා දරුණු ආකාරයට සිනා වෙන්නට පටන් ගත්තෙ අබිරුගේ කේන්තිය විහිලුවකට ගත් ආකාරයටයි....එම මොහොතෙ රොව්ඩන් තම අතෙහි වූ සැරයටිය ටයිල් පොලොවේ දෙපාරක් ගැසුවේ අබිරුද මදක් තම අවදානය එදෙසට යොමු කරද්දියි....ජයවීර මහතාත් ආන්‍යාත් අබිරුව නැවැත්වීමට ඔහු අසලට පැමිණියත් මදක් දුරට ගොස් නැවතුනේ කාමරයක සිට අත්පා සහ මුහුණ කලු කවරයකින් බැද ඔවුන් සිටින පැත්තට ඇදගෙන එන පුද්ගලයෙකු දුටු නිසයි....රොව්ඩන් ද ඉතා කුරිරු ලෙස සිනහ සෙමින් එදෙස බැලූ නිසා අබිරුද රොව්ඩන්ගේ කොලරයෙන් අල්වා ගෙන සිටින තම අත මදකට බුරුල් කර එදෙස හැරි බැලුවේ මෙතරම් සිනහ වෙන්නට රොව්ඩන්ට ඇති හේතුව දැනගැනීමටයි....

🎉 You've finished reading 𝗧𝗛𝗘 𝘁𝗼𝘂𝗰𝗵𝗲𝗿 𝗢𝗙 𝗺𝘆 𝗛𝗘𝗔𝗥𝗧❤️ ( 𝘊𝘖𝘔𝘗𝘓𝘌𝘛𝘌𝘋)(G×G) 🎉
𝗧𝗛𝗘 𝘁𝗼𝘂𝗰𝗵𝗲𝗿 𝗢𝗙 𝗺𝘆 𝗛𝗘𝗔𝗥𝗧❤️ ( 𝘊𝘖𝘔𝘗𝘓𝘌𝘛𝘌𝘋)(G×G)Where stories live. Discover now