31 කොටස

84 13 1
                                    

අබිරු එම මිනිසා දෙස බලා සිටින බව තේරුණ වහාම එම මිනිසා තම හෙල්මටය පැලදගත් නිසා අබිරුට ඔහුගේ ස්වරූපය ගැන නිගමනයක් ගැනීමට තරම් සාධකයක් ඉතුරු වූයේද නැත....

හෙල්මටය පැලදගත් එම මිනිසා නැවතත් පදවාගෙන ආ බයික් එක මතට නැග නැවතත් අබිරු සිටි තැන පරීක්ෂා කළත් අබිරු එහි නොසිටි නිසා මිනිසාගෙ ඇස් වහාම යොමු උනේ පන්සලේ පඩිපෙල් වෙතටයි...වේගයෙන් තමා වෙතට දුවගෙන එන අබිරු දුටු වහාම තම මෝටර්සයිකලය පණ ගන්වා ගත් ඔහු මුලු පාරම දූවිල්ලෙන් වැසී යන පරිදි තම රථය රේස් කර පිටව ගියේ අවට සිටි මිනිසුන්ද ඔහුට දොස් නගමින් සාප කරද්දි.....

අබිරු කොතරම් වේගයෙන් දුව ආවත් තමාගේ උත්සාහය ව්‍යර්ත උන නිසා ඔහු අසල තිබූ ගලකට පයින් ගැසුවේ කේන්තිය පිට කිරීම සදහායි...

එවෙලෙහිම අබිරු තම දකුණු පාදය අසල වැටී තිබූ bracelet එකක් වැනි යමක් අහුලා ගත්තෙ  එය ඔහුගෙ දෑසට ඉතා හුරු පුරුදු බවක් දැනුන නිසයි....

......................*******......................

"චූටි අයියේ"

"ම්ම්ම්"

"අමාරුද අප්පා ඔයාට..මූණත් එක්ක සුදුමැලි වෙලා ඔයාගෙ"

"ලොකු අව්ලක් නෑ තනූ දැන්නම්"

"හ්ම්ම්...මන්දා අප්පා ඔයා මොන එහෙකටද අයියෙ දේශි අක්කලයි දිහා ගියෙ"

"නොයා කෝමද තනූ...අබිරු එහෙන් එන්න කලිම් අරුන්ගෙන් දෙන්නෙක්ට ගහලා පුටු උඩ බැදලනෙ ආවා කිව්වෙ"

"ඔව් ඉතිම් ඔයා ඇයි ගියෙ"

"උන් මැරුණොත්"

"මැරුණොත් මොකද අනේ"

"අබිරුට හොද නෑ ඒක..."

"මන්දන්නෑ අයියෙ ඔයාලාගෙම මේ පණ්ඩිත වැඩ.."

"කෝ අනූ"

"එයාලා මේ ප..."

"ගෙදර..ගෙදර අයියේ"
තනූගෙ කතාවට බාධා කරමින් හරිතගෙ ප්‍රශ්නෙට උත්තර දුන්නෙ සනුල්‍යා නිසා හරිත සනුල්‍යා දිහා අමුතු විදියට බලන් හිටියෙ තනූ කියන්න ගියේ වෙන දෙයක් කියල හරිතට හොදටම තේරුණ නිසා...

ඒත් එක්කම සනුල්‍යා ලාවට තනූගෙ අත කෙනිත්තුවේ තනූගෙ නොසැලකිලිමත්කම නිසා හරිත කලබල වෙයි කියල බය හිතුන නිසා...

𝗧𝗛𝗘 𝘁𝗼𝘂𝗰𝗵𝗲𝗿 𝗢𝗙 𝗺𝘆 𝗛𝗘𝗔𝗥𝗧❤️ ( 𝘊𝘖𝘔𝘗𝘓𝘌𝘛𝘌𝘋)(G×G)Where stories live. Discover now