උදේ හත විතර වෙලා ඇති...අද සෙනසුරාද දවසක් නිසා නැන්දත් ගෙදර. සීය ආත නම් පේන්න නෑ යුගාන්ට කතා කරනව ඇහුනට.. අත්තම්ම වෙළඹ ලග වෙන්නැති. යුගානුත් නෑ පේන්න.යුවාන් නම් තාම නිදි.. ඉතින් මෙහේ හරි සාමකාමී මේ වෙලාවෙ..
අම්මා... උදේට කන්න ඉදියාප්ප තම්බනවද පිට්ටු ටිකක් හදනවද??..''
මන් ඉතින් මොකාද එකා වගේ ගියෙ කුස්සියට. යුගාන් ,අත්තම්මා , නැන්දා හිටියෙ කුස්සියෙ.. යුගාන් කුස්සියෙ බැම්ම උඩ ඉදගෙන අත්තම්මගෙ කරට අත්දෙක දාන් බදාගෙන. එතකොට නැන්ද පොල් ගාන ගමන් අත්තම්මගෙන් ඇහනව.
පිට්ටු හදන්න අම්මා.. ඉදියාප්ප හෙට තම්බන්න..."
යුගාන් අත්තම්මගෙන් අත් ඇරන් පොල් බෑයක් කන ගමන් කිව්වම නැන්ද ලග තිබ්බ හැන්දකින් යුගාන්ට එකක් දමල ඇරියම ඌ නහයෙන් හුචු හුචු ගගා උන්න . හිතුවට වඩා යුගාන් වෙනස් චරිතයක් වගෙ.
ගිහින් අර ඌරු පැටියව නැගිට්ටවන් එනව..."
නැන්ද කිව්වෙ යුවාන්ට වෙන්නැති. මාත් නැන්දල ලගට කිට්ටුවෙලා අත්තම්මගෙ උරහිසෙන් නිකට තියා ගත්තම යුගාන් මගෙ කරට අට දාගත්තා.. යුගාන් මටත් පොල් බෑය දික් කරම මන් එපා කිව්ව.. මොකද මන් ආස නෑ පොල් නිකන් කන්න.
පවු.. අත්තම්මගෙ කොන්ද ලෙප්ට් වෙයිද දන්නෑ..ආත්තම්ම මට කම්මුලකට තට්ටුවක් දාල හිනාවුනා..
මුන් දෙන්නගෙ හුරතලේ බලහල්ලකෝ.. "
නැන්දා හිනාවෙවී කිව්වෙ අපි දෙන්න දිහා බලාගෙන.. නැන්දට ඩිම්පල් තියේ යාන්තමට.. සෝයි අප්පා..හැබැයි මුන් දෙන්නගෙන් එකෙක්ටවත් නෑ..
ඌරු පැටියනම් දැන්ම නැගිටින එකක් නෑ වගේ යශෝධා.. අපි පිට්ටු ටිකක් වැඩිපුර තම්බමු.. සුදු පුතත් කන්න ආස ඇති.. චූටි පුතත් ආසයි ලොකු පුතත් ආසයි නේ..."
අත්තම්ම කිව්වෙ යුගාන්ගෙ කකුලකට තට්ටුවක් දාල... චූටි පුතා කියන්නෙ යුවාන්, ලොකු පුතා යුගාන් සුදු පුතා මේ අහින්සක සදෙව්.. යශෝදා කියන්නෙ නැන්දා..
පිට්ටු කාපු කාලයක් මතක නෑ... කෑවනන් කෑවෙත් මෙහෙන්මයි.ගිය පාර ආපු වෙලාවෙ.. ආච්චි හදන කෑම රහයි කෝමත්.. ඒ හින්ද මාත් ආයෙ වෙන මොනා හරි හදමුයි කිව්වෙ නෑ.. කිව්වත් ඉදියාප්පම තමා..
YOU ARE READING
𝗛𝗘𝗦𝗛𝗔𝗪𝗔𝗥𝗔 ❯❯ ⁿᵒⁿᶠⁱᶜ
Non-Fiction♡ උබෙ ඇස් බොරු කියන්නෑ හේෂාවර...ආදරේ වචනෙන් හංගන්න උබ දක්ෂ ඇති, ඒත් උබේ කෝපි පාට ඇස්වලට බෑ හැගීම් හංගන්න.. උබ වෙනුවෙන්ම මේ හදවත ගැහේවි මගේ හේෂාවර... . . . #taekooknonficstory
දෙවන හේෂාවරය ❯❯
Start from the beginning