77- පළිඟු දිඟහැරුම ♡

Start from the beginning
                                    

"කෝ එන්න "

මම අත දෙක දිගෑරියම එයා බයික් එකේ ඉදගෙනම මට තුරුල් උනා .... වෙනදට එන එයාගේ ඇගේ උනුහුම අද ජැකට් එකට වැහිලා එයාගේ උණුසුම් හුස්ම විතරයි මගේ බෙල්ලට වැටෙන්නේ

"මොකක් හරි ප්‍රශ්නයක්ද ?"

"මහ්ම් නෑ "

මම තව ටිකක් එයාව ඇගට තද කරගත්තේ එයා එයාගේ ඔලුව මගේ උරහිස උඩ තියාගනිද්දි

"දවසෙම එකට ඉඳලා දාලා යන්න ලෝභයිනේ "

"පොඩි එකෙක් වගේනේ අනේ "

"පොඩි තමයි අනේ මම ඔයාට වඩා මාස හයක් බාලයි "

"යැයි යැයි තමා උඹ පොඩිනම් මට බොටම් වෙයන්කෝ "

"සොරි ඒකනම් කරන්න බෑ "

"වුකහන් උඹ "

"ම්ම්ම් හා 🌚"

මම එයා මට තුරුල් වෙලා ඉන්නකොටම දාගෙන හිටිය වෝටර් බෑන්ඩ් එක ගලවලා බෙල්ලෙන් පල්ලෙහාට වැටෙන කොන්ඩෙයි ඔක්කොම එකතු කරලා බන් එකක් දැම්මේ වෝටර් බෑන්ඩ් එකට අහු වෙන්නැති කොන්ඩ කෑලි ඔක්කොම මූනට වැටෙද්දි

"කපන්න එපා ලස්සනයි කොන්ඩේ ටිකක් වැවුනම "

එයා මගේ බෙල්ල අස්සේ ඉඳන් ඔළුව උඩ පහල කරේ මට ලාවට ඇබරි මේනියාවකුත් හැදෙද්දි

යකොව් මට කිති බං සැහ් මූ නිසාමයි මෙච්චර වත් ඉවසන්නේ නැත්තං ඉස්සර නම් ඔය හරියට හුස්මක් වැදුනත් අති මට කිති මේනියාව

"චූටි !"

"අහ් "

මම ආරුව ආලෝක වේගෙන් තල්ලු කරලා දැම්මේ ඩෑඩ් කතා කරනවා ඇහුන නිසා

එයා දැක්කද...... නෑ මම හිතන්නෑ එයා දැක්කා කියලා .... දැක්කා නම් මේ වෙනකොට මෙතන වෙන තත්වයක් යන්නේ

"අහ්හ්... ඩ්....ඩෑඩ් ....."

"මොකෝ නිකන් ගොත ගහන්නේ දෙන්නා එක්ක හොර බඩු ජාවාරමක් දාන්න ද කතා කර කර හිටියේ ?"

"නෑහ් නෑහ් "

මම ලාවට හිනාවක් දාලා ඇහැ යටින් ඩෑඩ් දිහා බැලුවේ සීන් එක මාට්ටුද කියලා කොහෙද එයත් සුදු පුචා දිහානේ බලන් ඉන්නේ නෙදකින් මේක හරියන්නෑ වුට්ට මම යනවා කොහේ හරි ඇයි යකෝ මේ ගෙදර එවුන්ට සුජු පුචාගෙන් තොර ලොවක් නෑ නේ

පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᵒⁿᵍᵒⁱⁿWhere stories live. Discover now