මට ඕන කරන්න ඇත්තෙ ඒ ලස්සන සුදු ඒන්ජල් මගේ දිහාම බලාගෙන ඉන්නවා දකින්න වෙන්නැති.
මොකද එක පාරටම මගේ හිතට නොතේරෙන අමුතුම දුකක් දැනෙන්න ගත්තා.
ඒ ලස්සන අයියා පේන මානෙකවත් හිටියෙ නෑ.

ඉතින් මට තරහා ගියා.
ගොඩාක් ගොඩාක් තරහා ගියා.
නැත්තම් තරහා ගියා කියලා හිතාගෙන හිටියා.
ඇයි එයාට මගෙ දිහා බලාගෙන ඉන්න බැරි වුනේ?

ටික දවසක් යද්දි හිස් ඉඩමක ලස්සන ලොකු මාලිගාවක් හැදුනා.
ඒකෙ පදිංචියට ඒ ලස්සන ඒන්ජලුත් ආවා.
ඒත් එයා අනිත් ළමයි වගේ එලියට බහින්නෙ නෑනෙ.
කොටිම්ම එයාගෙ නංගිත් අපිත් එක්ක සෙල්ලම් කරන්න ආවා.
ඒත් ඒන්ජල්ව නම් ආසාවට දකින්න නෑ.
ගේ අස්සෙමයි!
මල සමයං!
ඒන්‍ජල් කෙනෙක් වුනත් පොඩ්ඩක් එලියට පහලියට බහින්න ඕනෙ නැද්ද?
මට තවත් ටිකක් තරහා ගියා.

දිදුනිලගෙ ගෙදර යන්න මං ඒ කාලෙ ගොඩක් ආසයි.
එකක් එහේ ගොඩාක් ඉඩ තිබුනා.
අනික ලස්සන ලස්සන සෙල්ලම් බඩුත් තිබුනා.
හැබැයි ඒ ඔක්කෝටමත් වඩා තවත් හේතුවක් තිබුනා.
ඒ තමයි අලි ඔළුවෙන් ඉන්න ඒන්ජල් කොල්ලගෙ ගෑස් බස්සන්න මට ඕනෙ වුනා.
ඉතින් අන්තිමේදි කොහොම හරි ඒකගෙ ගෑස් මං බැස්සුවා.

මගේ මූණෙ හිනාවක් ඇඳුනා.
හැබැයි ඒත් එක්කම ඇස් වලින් කඳුළු ඉවරයක් නැතුවම ගලාගෙන එන්න පටන් ගත්තා.

මොකද මං වෙනුවෙන් එයාගෙ හැමදේම අතෑරලා දාලා ආපු ඒ ලස්සන ඒන්ජල්ව අමාරුම මොහොතක මං තනි කලා.

"Are you ok?"

එහා පැත්තෙ සීට් එකේ හිටපු මනුස්සයා අහද්දි මට ඉකි ගැහුනා.
Are you ok? කියලා අහන්නවත් කෙනෙක් අයියා ලඟ එවෙලෙ ඉන්න ඇතිද?
නැත්තම් ගහක් ගලක් වගේ හැමදේම දරාගෙන ඉන්න වෙන්න ඇතිද?
මං එයා ලඟ නොහිටපු එක ගැන එයාට දුක හිතෙන්න ඇතිද?
තරහා යන්න ඇතිද?

අනේ මට සමාවෙන්න මගෙ අයියේ!!!
ආයෙම නම් කවදාවත්ම කිසිම හේතුවකට ඔයාව තනි වෙන්න මං ඉඩ තියන්නෙ නෑ.
ඇත්තමයි!
ඔයාගෙ ලඟ හෙවනැල්ලක් වගේ හැමදාමත්ම ඉන්නවා!

පහුගිය ටිකේ මට අයියව ගොඩාක් මගෑරුනා.
අන්තිමට එයාව දැක්කෙත් සති දෙකකට විතර කලින්.
ඒකත් පැය කීපෙකට.
මං ඒකට ආස නෑ.
වෙලාවකට සේරම දමලා ගහලා දාලා අයියගෙ අස්සටම වෙලා ඉන්න බලාගෙන දූවගෙන යන්න හිතුන වෙලාවල් ඕන තරම් තිබුනා.
ඒත් අයියමයි මගේ හිත හැදුවෙ.

මානස (Completed)Where stories live. Discover now