Pizza order එක ආවම අයියා යටට ගියා.
දත් විලිස්ස ගත්ත කොටි තුන් දෙනෙක් වගේ අපි තුන් දෙනා ගොරව ගොරව හිටියා.
නෑ නෑ.
ඇත්තටම දත් විලිස්සන කොටි දෙන්නයි.
බුම්මගත්ත වලස් රාලයි.
තාත්තා කොටියෙක් නෙමේ.
වලහෙක්!"අම්මෙ, තාත්තෙ මේ..
අයියා ඉද්දි මං මේවා නොකිය ඉන්නෙ ඒ මනුස්සයා ඔය තේරුමක් නැති රණ්ඩු සරුවල්වලට අකමැති නිසා.
අනික පරණ දේවල් සැරින් සැරේ මතක් කරද්දි ඒ මනුස්සයගෙ හිත රිදෙන නිසා.
හැබැයි ඔයාලා පිස්සු විකාර කතා කියාගෙන ඇවිත් මාව මාරයෙක් කරගන්න නම් හදන්න එපා.ඔය දෙන්නා ලඟ මං අවුරුදු පහලවක් හැදුනා.
ඒ පහලවෙන් මං සතුටින් හිටියෙ අවුරුදු තුනයි.
ඒ අයියා මට ලං වෙච්ච අවුරුදු තුන.ජීවිතේ ඉස්සරහටම යන්න ඕනෙ කියලා මං හීන දකින්න පටන් ගත්තෙ,
ඉස්කෝලෙ වැඩ උනන්දුවෙන් කරන්න පටන්ගත්තෙ එයා නිසා.එතකොට මං ජිවිතේ කඩාගෙනම වැටුන අවුරුදු එකහමාරක් තියෙනවා.
ඒ ඔය ගොල්ලො සේරම එකතු වෙලා මාව අයියගෙන් වෙන් කරපු අවුරුදු එකහමාර!
මාව නොකරපු වැරැද්දකට කුඩුකාරයෙක් විදියට හංවඩු ගහලා, ඇත්තටම කුඩුකාරයෙක් කරන්න පාර කැපුවෙ ඔයාලා!එදා ඉස්කෝලෙ සිද්දියෙදි මාව ආදරෙන් ලඟට අරන් කතා කරලා මොකද්ද පුතේ සිද්ද වුනේ කියලා ඔය දෙන්නගෙන් එක්කෙනෙක්වත් ඇහුවද?
ඒක පැත්තකින් තියමු.
ඊට කලිනුත් මොනවම හරි දෙයක් වුනාම ඉවක් බවක් නැතුව සතෙකුට වගේ මට ගහගෙන ගහගෙන ගියා මිසක් මොකද්ද ඇත්තටම වුනේ කියලා ඔයාලා කවදාවත් හිතලා බැලුවද?
නෑ!
ඔයාලට වැදගත් වුනේ ඔයාලගෙ රස්සාවයි, සල්ලි හෙවිල්ලයි, සමාජ පිලිගැනීම විතරයි.හැබැයි අයියා කවදාවත්ම එහෙම කලේ නෑ.
හැමදාමත්ම මගේ හයියට හිටියා.
මගේ පැත්තෙන් ප්‍රශ්න දිහා බැලුවා.එදා වුනත් ඔක්කොම විස්තරේ අම්මට කියන්න කියලා මාව උනන්දු කෙරෙව්වෙ අයියා.
ඒත් අම්මා මොකද්ද කලේ?
හැමදේම විනාස කලා.
මගේ එකම ආරක්ශකයව, මග පෙන්වන්නව මගෙන් ඈත් කලා!
ඉතින් මං අතරමං වුනා.
මගේ වැරැද්දක් නෑ කියනවා නෙමෙයි.
මාත් වැරදියි.
මාත් බොරුවට කලබල වුනා වෙන්නැති.
හැබැයි එවෙලෙ ඔය කියන ඔයාලගෙ මහා දැනමුතුකම කොහෙද තිබුනෙ?"