42

460 113 87
                                    

"උදේ ඉස්කෝලෙ එද්දි මේක බිම වැටිලා තියෙනවා දැකලා මංමයි අහුලගෙන bag එකට දාගත්තෙ. ඊට පස්සෙ එවෙලෙම මේක sirට ගෙනත් දෙන්න හිතාගෙන තමයි පන්තිය ඇතුලට ගියෙත්. මොකද මේක මොකක් හරි නරක ජාතියක් වෙන්නැති කියලා මට එවෙලෙම හිතුනා. ඒත් උදේ පන්තියෙ වැඩත් එක්ක මට මේ ගැන sirට අමතකම වෙලා ගියා."

"එහෙමනම් කලින් අහද්දි ඇයි මේ ගැන කිසිම දෙයක් දන්නෙ නෑ කිව්වෙ?"

"මට බය හිතුනා සර්.
ඉතින් දන්නෑ කියන එක හොඳයි හිතුනා.
ඒත් ඒක මෝඩ වැඩක්.
මට දැන් තේරෙනවා.
මොකද තව පොඩ්ඩෙන් අහිංසක ළමයෙක් නොකල වැරැද්දකට අහු වෙනවා."

හම්මෝ!
මේ ප්‍රශ්න පත්තර අමාරුයි විභාගෙ ප්‍රශ්නවලට වඩා. මං තමයි ගත්තෙ කිව්වම ආයෙම මොනවටද අතුරු ප්‍රශ්න?
ඇයි මෙහෙම කලේ?
ඇයි අරහෙම කලේ?
පිස්සු හැදෙනවා!
'මං කලේ මට ඕනෙ නිසා යකුනේ!!!!' කියලා වහලෙ දෙදරන්න කෑගහන්න හිතිලා තියෙන්නෙ මට දැන් නම්!

"හොඳයි.
එහෙනම් ඔය ළමයා පන්තියට යන්න.

තඹරු,
මේක බොහොම බැරෑරුම් ප්‍රශ්නයක්.
ඇත්තටම මේක බිම තිබිලද අහුලගත්තෙ?"

"ඔව් සර්!"

"කොතන බිමද?"

"මේ... ටොයිලට්ස්වලට යන හරියෙ."

"හරි.
කොහොම වුනත් මේ වගේ දෙයක් ළමයෙක් ලඟ තියෙන එක අනුමත කරන්න බෑ.
තඹරු ඉස්කෝලෙ නමත් තියාගෙන බාහිර වැඩ වගේම පාඩම් වැඩත් හොඳින් කරන ළමයෙක් විදියටනෙ අපි හැමෝම දන්නෙ. අනික අපිට ඉන්න හොඳම ගුරුවරියකගෙ පුතාත් එක්ක.
ඉතින් මෙහෙම වගකීමක් නැතුව වැඩ කරන්න බෑ නේද?
මේ පළවෙනි වතාව නිසා අපි මේක දුරදිග නොයවා විසඳගන්න බලමු. ඒත් දවස් දෙක තුනකටවත් තඹරුගෙ පන්ති තහනම් කරන්න මට සිද්ද වෙනවා.
හැබැයි ආයෙම වතාවක් මෙහෙම දෙයක් සිද්ද වෙලා අහුවුනොත් දඬුවම් මේ තරම් ලිහිල් වෙන එකක් නෑ.
තේරුනාද?"

තේරුනා! තේරුනා හත්දෙයියනේ!
දැන් මට යන්න දීපියව්!
මොකද්ද මේ වුනේ කියලා තාම මගේ මොළේටවත් process කරගන්න බැරුව ඉන්නෙ. නිවී හැනහිල්ලෙ කල්පනා කරන්න ඕනෙ පොඩ්ඩක්!

මානස (Completed)Where stories live. Discover now