• විසිහය වන දිගහැරුම •

Start from the beginning
                                    

" වීල් එකක යන්න මට නම් බැහැ බොරුවට සල්ලි වියදම් කරන්න "

" මහ ලොකු ඇමති පුතා රුපියල් සීයක් දීලා උබට වාහනේක එක්කන් යන්න බැරි තරම් හිගන්නෙක්ද උබ ?? "

" තෝ හිතුවද යන යන තැන පර්ස් එක මං අරන් එනවා කියලා අනික මේ පාක් එකකට යන නිසා මම ඔය ලබ්බ අරන් ආවේ නැහැ "

යුගාන් ඇත්තටම පර්ස් එක ගෙනල්ලා තිබුනේ නැති උනත් තීනු නම් සතේකට යුගාන් කිව්ව දේවල් නම් විශ්වාස කලේ නැහැ . මොකද තීනු හිතුවෙම තමන් වෙනුවෙන් රුපියල් සීයක් වියදම් කරන්න බැරි තරම් යුගාන් කියන්නේ කුණුම කුණු ලෝබයෙක් කියලා . හැබැයි තීනු යුගාන් ලෝබයක් කියලා පෝස්ටර් ගැහුවත් යුගාන්ටත් වඩා මුඩුම මුඩු ලෝබයෙක් උනේ ඔය තීනුමයි .

" රුපියල් සීයක් වියදම් කරන්න බැරි උබගෙන් තියෙන වැඩේ මොකක්ද කියපන් ?? පට්ට බෙට්ට ලෝබ හුත්තා !! "

" ඔච්චර කියවන්නේ නැතුව උබ රුපියල් සීයක් දීලා වීල් එකක් අල්ල ගනිම්කෝ "

" මට බැහැ !! මං මොකටද සල්ලි වියදම් කරන්නේ ?? උබයි ඒක කරන්න ඕනේ !! තොගෙ තාත්තා ලග තියෙන්නේ අපේ මහජන මුදල් ඉල්ල ගනිම් තොගෙ තාත්තා ගෙන් අපෙ සල්ලි ටිකක් "

තීනු යුගාන්ටත් ගස්සලා තමන්ගේ අත් දෙකත් හරහට බැද ගද්දි යුගාන්ගේ මූණ රොටියක් උනා . අම්මපා තීනු තමන්ගේ බෝයිෆ්‍රෙන්ඩ් නොවුනා නම් මෙලහකටත් තීනු ගේ හක්ක අම්පාරට වැටිලා හොක්ක කුරුණාගලට වැටෙන්න යුගාන් ගහලා . තීනුගේ ඉවරයක් නැති මේ මල මගුල නිසා යුගාන්ට ඔලුව කැක්කුමක් හැදී ගෙන ආවා . යුගාන්ට එක මොහොතකට හිතුනා තීනුගේ කට වැහිලා තියෙද්දි මේ ලෝකේ කොච්චර නම් ලස්සනද කියලා .

" මගෙන් කුනුහරප අහ ගන්නේ නැතුව මෙන්න මෙහෙ වරෙන් තීනු බබා යන්න !! "

යුගාන් තීනුගේ අතින් ඇදලා ගත්තත් තීනු යුගාන්ගේ අත ගසල දාලා අත් දෙක බැද ගත්තා .

" මං මෙතනින් අඩියක් වත් හෙලවෙන්නේ නැහැ !! මගෙ කකුල් දෙක රිදෙනවා මිනිහෝ "

" ඉතිම් මට පුකද ?? උබට තීනු බබා එන්න බැරි නම් මෙතනම හිටපන් මං යනවා ආයේ ගෙදර "

සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎𝐍𝐅𝐈𝐂 Where stories live. Discover now