17. කඳුලු එක්ක හිනාවෙන්න...

120 25 20
                                    

නත්තල් නිවාඩුව එපා වෙයි කියලා හිතුවට එහෙම උනේ නැහැ. ඒ වෙද්දි තාත්තා අම්මට අලුත් ස්මාට් ෆෝන් එකක් එවලා තිබුනා. ඔය නිසා කලින් තිබුන ෆෝන් එකට අයිතිකාරයෙක් හිටියේ නැහැ. ඉතින් අම්මාට සැක නොහිතෙන වෙලාවට මම ඒක අරගත්තා. හොඳම දේ උනේ මම නිවාඩුවට සති දෙකක් විතර අම්මාගේ අම්මලැ දිහා.. මගේ ආචිච්ලැ දිහා ගිය එක. එහෙ ඉන්නේ මාමයි.. නැන්දයි.. මල්ලිලා තුන්දෙනයි... ලොකු මල්ලි.. මගේ මල්ලිගේ වයස.. දෙවනි මල්ලි මගේ නංගිට වඩා අවුරැද්දක් වැඩිමල්. තුන්වෙනි මල්ලිට මාස ගාණයි...

එහෙ ඉද්දි දවසේ ඕනම වෙලාවක මට මතීෂට මැසේජ් කරන්න පුලුවන් උනා. සමහර වෙලාවට කෝල් ගන්නත්.. මොකද ⁣ආචිච්ගේ ගෙදර හෙන විසාලයි.. උඩ තට්ටුවේ කාමර හතයි.. පහළ තුනයි.. කාමර වගේ සයිස් බාත්රූම් දෙකක් උඩයි.. යටයි.. ඒක අතුගාලා අස් කරන්න ගියාම හොද පණ යනවා. හොරාවට හිමින් කතා කලොත් කාටවත් ඇහෙන්නෙත් නැහැ.. අපේ ගෙදරත් කාමරේක දොර වහන් කතා කලොත් කාටවත් එහෙම ලොකුවට ඇහෙන්නැ. මොනා උනත් ගෙවල් හදපු මනුස්සයාට පිං....

රෑට නිදාගනිද්දි ආචිචි ගාව නිදාගන්න නිසා.. එළි වෙනකල් උනත් මැසේජ් කරන්න පුලුවන් නිදිමත නැත්නම්.. ආචිචට ඔය ෆෝන් කෙරුවාවාල් තේරෙන්නැ. හිතන්නකො අර පොඩි ෆෝන් එකෙත් පොඩි බ්‍රයිටිනස් එකක් තියනවා නේ.. ඒක අඩුම කලත්. මම ඉතින් මැසේජ් කර කර හිනාවෙවි ඉද්දි ආච්චි නිදිමතේ ඇහැරිලා වතුර බීලා ආයත් නිදාගන්නවා.. එයාට ඒ ගැන කිසිම ගානක් නැහැ. මගේ ආච්චි හරිම හොදයි.. සීයා නැති උනේ මම හය වසරේ වගේ ඉද්දි.. ඊට කලින් නම් ආච්චි ටිකක් දුෂ්ටයි.. හේතුව සීයා අපිට අරවා මේවා ඕනාවට වඩා ගෙනත් දෙනවා කියලා.. බොරැවට කෑ ගහනවා.

කින්ඩජෝයි.. කාලා ඇති නේ. ඕවා ලංකාවට ආව මුල සීයා කඩේට ගිහින් හවස එද්දි.. අපි පස් දෙනාට මල්ලක් විතර අරන් එනවා. එක්කෙනෙක් හතරක් විතර කන්න පුලුවන් ගානට වගේ. අපි පස් දෙනා කිව්වේ.. මම.. මල්ලි නංගි.. මාමාගේ ලොකු මල්ලිලා දෙන්නා.. එතකොට චූටි මල්ලි හිටියේ නැහැ. අපිට තිබුනේ ළඟ වයස් පරතරයක් නිසා අපි පස් දෙනා හරි එකතුයි. මම 2003.. මගේ මල්ලියි.. මමාගේ ලොකු මල්ලියි..2006 මමාගේ දෙවනි මල්ලි 2008.. නංගි 2009.. මම තමයි ඉතින් හැමපැත්තෙන්ම වැඩිමල්.. සරලවම අම්මාගේ අම්මයි තාත්තායි.. අයියයි.. නංගි.. ඒ කියන්නේ මාමායි පුංචියි.. අපිට පුදුම තරම් ආදරෙයි..

MY DEAREST || SINHALA || COMPLETEDWhere stories live. Discover now